සල්ලිකාර වයසක මිනිස්සුන්ට ගෙදරටම ගිහින් සැප දෙන ලංකාවේ ලස්සන පොඩි කෙල්ලො !
ආයුර්වේද සම්බාහන ආයතන හිමිකරුවන්ගේ මඩිය තර කර ගැනීමේ නවතම උපක්‍රමය වනුයේ තමන් ළඟ තෙරපිවරියන් ලෙස සේවය කරන ළාබාල සුරූපි කෙල්ලන් කස්ටමර්ස්ලා සිටින තැනකට යැවීම හෙවත් ‘හොටෙල් විසිට් සහ හෝම් විසිට්’ ක්‍රමයයි.
‘රිවිර මාධ්‍යවේදියාගේ සජීවී අත්දැකීම’ විශේෂාංගය තුළින් ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් සිදු කෙරෙන විවිධ ජාවාරම් රාශියක් පසුගිය සති කිහිපය පුරාම ගෙන ආ අප මෙවර එහි නවතම ඉසව්වක් වන ‘හෝම් විසිට් සහ හොටෙල් විසිට්’ ක්‍රමය පිළිබඳවද රැගෙන එන්නෙමු.
හෝම් විසිට් සහ හොටෙල් විසිට් පිළිබඳව දැනුවත් කරනු ලැබුවේ මාගේ මිතුරකු වන මාලක විසිනි.
මචං දැන් මසාජ් එකක් ගන්න ස්පාවලට යන්න ඕනෙ නෑ. කෝල් එකක් දීලා අපි ඉන්න තැනකට කෙල්ල ගෙන්න ගන්න පුළුවන්. මගේ මිතුරා මට කීවේය.
ඒ කොහොමද?
ඇයි මචං ඔය ඉරිදාට තියෙන සමහර පත්තරවල හෝම් විසිට් සහ හොටෙල් විසිට් කියලා ඇඩ් දාලා තියෙන්නේ. අන්න ඒ ස්පා පොට්වල නොම්බරේට කතා කළා නම් අපිට ඕනෑ කෙල්ලව තෝරගෙනම ගන්න පුළුවන්.
ඇයි මචං ඔය ඉරිදාට තියෙන සමහර පත්තරවල හෝම් විසිට් සහ හොටෙල් විසිට් කියලා ඇඩ් දාලා තියෙන්නේ. අන්න ඒ ස්පා පොට්වල නොම්බරේට කතා කළා නම් අපිට ඕනෑ කෙල්ලව තෝරගෙනම ගන්න පුළුවන්.
අපි කෝල් එකක් දීලා බලමුද මචං
මා මිතුරා උනන්දු කළා. හෝම් විසිට් සහ හොටෙල් විසිට් පිළිබඳව දැනුවත් වීමේ අටියෙනි.
පුවත්පත් දැන්වීමේ සඳහන් ජංගම දුරකථන අංකයට මිතුරා සිය දුරකථනයෙන් ඇමතුමක් ලබා ගත්තේ එහි ස්පීකරයද ඔන් කරමිනි.
මා මිතුරා උනන්දු කළා. හෝම් විසිට් සහ හොටෙල් විසිට් පිළිබඳව දැනුවත් වීමේ අටියෙනි.
පුවත්පත් දැන්වීමේ සඳහන් ජංගම දුරකථන අංකයට මිතුරා සිය දුරකථනයෙන් ඇමතුමක් ලබා ගත්තේ එහි ස්පීකරයද ඔන් කරමිනි.
ස්පා එකෙන් ගර්ල්ස්ලා දෙන්නෙක් ගන්න පුළුවන්ද?
පුළුවන් සර්. සර්ට ඕනෑ හෝම් විසිට් ද හොටෙල් විසිට්ද?
පුළුවන් සර්. සර්ට ඕනෑ හෝම් විසිට් ද හොටෙල් විසිට්ද?
ඒ කිව්වේ?
කෙල්ලො එවන්න ඕනෑ හොටෙල් එකටද ගෙදරටද?
ගෙදරට
කෙල්ලො එවන්න ඕනෑ හොටෙල් එකටද ගෙදරටද?
ගෙදරට
හවුස් එක කොහෙද තියෙන්නෙ?
කොල්ලුපිටියේ
කොල්ලුපිටියේ
ඕ.කේ. සර්. ඒක හොඳයි. මොකද අපි කොළඹින් පිටට කෙල්ලෝ අරන් යන්න දෙන්නෙ නෑ.
ඒ මොකද?
කොළඹින් පිටට කෙල්ලො අරන් ගියහම සේෆ්ටි මදි. ඒ වගේම කෙල්ලට වගේම අපිටත් පාඩුයි. කොළඹ ඒරියා එකේ හිටියොත් එක කෙල්ලෙක් දවසට වැඩ ගොඩක් කරනවානේ. සර්ට ඕනෙ මොන මසාජ් පැකේජ් එකද?
කොළඹින් පිටට කෙල්ලො අරන් ගියහම සේෆ්ටි මදි. ඒ වගේම කෙල්ලට වගේම අපිටත් පාඩුයි. කොළඹ ඒරියා එකේ හිටියොත් එක කෙල්ලෙක් දවසට වැඩ ගොඩක් කරනවානේ. සර්ට ඕනෙ මොන මසාජ් පැකේජ් එකද?
පැකේජ්වල ගාණ කොහොමද?
පැය දෙකේ නෝමල් ටී්රට්මන්ට් එකට රුපියල් පන්දාහයි. පැය තුනේ ෆුල් ටී්රට්මන්ට් එකට ඒ කියන්නෙ බොට් ටු බොඩි මසාජ් එක්ක රුපියල් අටදාහයි.ගාණ ටිකක් වැඩියි. මගේ මිතුරා පැවසීය.
පැය දෙකේ නෝමල් ටී්රට්මන්ට් එකට රුපියල් පන්දාහයි. පැය තුනේ ෆුල් ටී්රට්මන්ට් එකට ඒ කියන්නෙ බොට් ටු බොඩි මසාජ් එක්ක රුපියල් අටදාහයි.ගාණ ටිකක් වැඩියි. මගේ මිතුරා පැවසීය.
සර්, අපි ගාව ඉන්නෙ පොඩි කෙල්ලොනෙ. ඒ වගේම තමයි බොනික්කෝ වගේ ලස්සන. සර්ලාගෙ වයස කීය වුණත් කමක් නැහැ. අපි කෙල්ලව එවනවා. සර් ටී්රට්මන්ට් එකක් ගත්තොත් පාඩු නැහැ කියලා හිතෙයි. යනුවෙන් ආයුර්වේද සම්බාහන ආයතනයේ හිමිකරු මිතුරා උනන්දු කරමින් පැවසීය.
මසාජ් එක ගන්න ඉස්සෙල්ලා ගර්ල්ස්ලා බලන්න ක්‍රමයක් නැද්ද?
සර් වයිබර් එකෙන් හරි වට්ස් ඇප් එකෙන් හරි වීඩියෝ කෝල් එකක් ගන්න. එතකොට මම අපි ගාව ඉන්න හොඳම කෙල්ලෝ ටික පෙන්නන්නම්. සර් කැමැති දෙන්නෙක් එතකොට සිලෙක්ට් කර ගන්න.
සර් වයිබර් එකෙන් හරි වට්ස් ඇප් එකෙන් හරි වීඩියෝ කෝල් එකක් ගන්න. එතකොට මම අපි ගාව ඉන්න හොඳම කෙල්ලෝ ටික පෙන්නන්නම්. සර් කැමැති දෙන්නෙක් එතකොට සිලෙක්ට් කර ගන්න.
ඕකේ, තෑන්ක්ස් කී මගේ මිතුරා ඔහුගේ දුරකථනයෙන් වයිබර් වීඩියෝ ඇමතුමක් ස්පා ආයතනය වෙත ලබා ගත්තේය.
ඔන්න සර් අපි ගාව ඉන්න සෙක්සිම කෙල්ලො ටික බලා ගන්න යැයි කියපූ ස්පා ආයතන හිමිකරු ඔහුගේ ජංගම දුරකථනය කාමරයක් තුළ එක පෙළට වාඩි වී සිටි තරුණියන් හයදෙනකු වෙත සමීප කළේය.
ඔන්න සර් අපි ගාව ඉන්න සෙක්සිම කෙල්ලො ටික බලා ගන්න යැයි කියපූ ස්පා ආයතන හිමිකරු ඔහුගේ ජංගම දුරකථනය කාමරයක් තුළ එක පෙළට වාඩි වී සිටි තරුණියන් හයදෙනකු වෙත සමීප කළේය.
මිතුරාගේ ජංගම දුරකථනයෙන් ස්පා ආයතනයේ සිටි කෙල්ලන් සියලු දෙනා ඉතා හොඳින් මට දර්ශනය විය. සියලුම කෙල්ලන් වයස අවුරුදු 25ට අඩු යැයි සිතිය හැකි ළාබාල සුරූපි තරුණියෝය. එම කෙල්ලන් සියලු දෙනාම වයිබර් වීඩියෝ ඇමතුම ඔස්සේ අප වෙත ඉඟිබිඟි පාන අයුරු දක්නට ලැබිණි.
සර් කොහොමද අපේ කෙල්ලො ටික?
නියමයි මගේ මිතුරා පැවසීය.
නියමයි මගේ මිතුරා පැවසීය.
කවුද සිලෙක්ට් කර ගත්තේ? මොකක්ද නොම්බරේ?
සියලු තරුණියන් හට ස්පා ආයතනය මගින් අංක ලබාදී තිබුණේ කස්ටර්මස්ලාගේ පහසුව තකා බව මට වැටහුණි.
නොම්බර් 2යි නොම්බර් 5යි
සියලු තරුණියන් හට ස්පා ආයතනය මගින් අංක ලබාදී තිබුණේ කස්ටර්මස්ලාගේ පහසුව තකා බව මට වැටහුණි.
නොම්බර් 2යි නොම්බර් 5යි
නොම්බර් 2 කියන්නේ හංසි. නොම්බර් 5 කියන්නේ ඕලු. ඒ කෙල්ල ළඟදී ආවේ. වැඩිම ඉල්ලුම තියෙන්නෙ ඕලුට තමයි. ස්පා ආයතන හිමිකරු කීවේය.
කොච්චර වේලාවකින් කෙල්ලො දෙන්න එවන්න පුළුවන්ද?
හරියටම පැය භාගයකින් කෙල්ලො දෙන්න සර්ගෙ ගේට්ටුව ළඟ යැයි පැවසූ සම්බාහන ආයතනයේ හිමිකරු මගේ මිතුරාගෙන් නිවසට පැමිණෙන ආකාරය අසා ගත්තේය.
හරියටම පැය භාගයකින් කෙල්ලො දෙන්න සර්ගෙ ගේට්ටුව ළඟ යැයි පැවසූ සම්බාහන ආයතනයේ හිමිකරු මගේ මිතුරාගෙන් නිවසට පැමිණෙන ආකාරය අසා ගත්තේය.
විවිධ ආර්ථික අපහසුතා නිසා ස්පා ආයතනවලට සේවය කිරීමට පැමිණෙන තරුණියන් ගණන දිනෙන් දින වැඩිවෙමින් පවතී. එම ස්පා ආයතන පවත්වාගෙන යන හිමිකරුවන් එලෙස පැමිණෙන ගම්බද තරුණියන් විකිණීම සඳහා භාවිත කරන රහසිගත ක්‍රමය ‘හෝම් විසිට් සහ හොටෙල් විසිට්’ යනුවෙන් හඳුන්වා දිය හැකිය.
නිවසක් තුළට හෝ හොටල් කාමරයක් තුළ සුරූපි තරුණියක් තනි වුවහොත් එතැන සිදුවන්නේ ආයුර්වේද සම්බාහනයක්ද නැතහොත් වෙනයම් කටයුත්තක්ද කියා ඔබට අප පැවසිය යුතු නැත.
කොළඹ නගරයේ වෙසෙන සල්ලිකාර වයෝවෘද්ධ පුද්ගලයන් තම ආසාවන් සංසිඳුවා ගැනීමේ පහසුම ක්‍රමයක් වශයෙන් හෝම් විසිට් සහ හොටෙල් විසිට් ක්‍රමය භාවිත කරන බව අප කරන ලද සොයා බැලීමේදී අනාවරණය විය.
සමාජයේ ඉහළ නිලතල දරන බොහෝ පුද්ගලයින්, මැති ඇමැතීන් පවා ස්පා ආයතනවලට යෑමට ලජ්ජාව නිසා මැළිකමක් දැක්වුවද හෝම් විසිට් සහ හොටෙල් විසිට් නම් නොඅඩුව ලබා ගන්නා බව කිව යුතුමය.
සමාජයේ ඉහළ නිලතල දරන බොහෝ පුද්ගලයින්, මැති ඇමැතීන් පවා ස්පා ආයතනවලට යෑමට ලජ්ජාව නිසා මැළිකමක් දැක්වුවද හෝම් විසිට් සහ හොටෙල් විසිට් නම් නොඅඩුව ලබා ගන්නා බව කිව යුතුමය.
උපුටාගැනීම– ඉෂාර රත්නකාර (රිවිර)