සරත් ෆොන්සේකාගේ "ෆීල්ඩ්මාෂල් ධූරය" ඉවතට ! විස්තරය මෙන්න | Colombocall සරත් ෆොන්සේකාගේ "ෆීල්ඩ්මාෂල් ධූරය" ඉවතට ! විස්තරය මෙන්න - Colombocall

Hot News

සරත් ෆොන්සේකාගේ "ෆීල්ඩ්මාෂල් ධූරය" ඉවතට ! විස්තරය මෙන්න







පසුගිය සති කිහිපය තිස්සේ ආරක්ෂක අංශ සහ යුද හමුදාපතිවරයා දැඩි ලෙස විවේචනය කළ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුව ඇති අතර මේ වනවිටත් ජනාධිපතිවරයා එම තීන්දුව ගැන සිය උපදේශකයන් සමග සාකච්ඡා කරමින් සිටින බව දැනගන්නට තිබේ. ෆොන්සේකා මහතා විසින් කරන ලද විවේචන ගැන යුද හමුදාවේ දැඩි කනස්සල්ල ආරක්ෂක අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයා වෙත හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් විසින් දැනුම්දී ඇතැයි ද වාර්තා වේ.

මේ ගැන රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් සමග අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා අමාත්‍ය ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට අගමැතිවරයා සමග සාකච්ඡාවක් කරන බව සඳහන් කර ඇත.

තහවුරු නොකළ රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධුරය නැතිනම් කැබිනට් ධූරය යන දෙකින් එකක් අහිමි විය හැකි බවය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීද සඳහන් කළේය.

  උපුටාගැනීම  -ඉරිදා දේශය-