තම බිරිඳට උදැල්ලකින් පහර දී ඝාතනය කළ සැමියා බෙල්ල කපා ගන්න හදලා | Colombocall තම බිරිඳට උදැල්ලකින් පහර දී ඝාතනය කළ සැමියා බෙල්ල කපා ගන්න හදලා - Colombocall

Hot News

තම බිරිඳට උදැල්ලකින් පහර දී ඝාතනය කළ සැමියා බෙල්ල කපා ගන්න හදලා



ගිරාඳුරුකෝට්ටේ - අගලඔය ප්‍රදේශයේ නිවසක ඊයේ පස්වරුවේ  සැමියෙකු විසින් සිය බිරිඳට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

 ඒ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන්.

පහර දීමෙන් බරපතල තුවාල ලැබූ බිරිඳ රොහල් ගතකර තිබෙනවා. අනතුරුව ඇය ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තම බිරිඳගේ වියෝව පිළිබඳව සැල වූ  අදාළ පුද්ගලයා ද ගෙළ කපා ගැනීමට උත්සාහ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක වන අතර, තුවාල ලැබූ සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබනවා.