අඩ නිරුවතින් පැමිණි පුද්ගලයා ගාල්ලේ වෙළඳ සැලක කළ දේ මෙන්න! | Colombocall අඩ නිරුවතින් පැමිණි පුද්ගලයා ගාල්ලේ වෙළඳ සැලක කළ දේ මෙන්න! - Colombocall

Hot News

අඩ නිරුවතින් පැමිණි පුද්ගලයා ගාල්ලේ වෙළඳ සැලක කළ දේ මෙන්න!





සුපිරි‍ වෙළඳ සැලක ඇති භාණ්ඩ හා මුදල් සොරකම් කිරීමට පැමිණි පුද්ගලයෙකු පිළිබඳව ගාල්ල-මාපලගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

උඩුකය නිරාවරණය කර රෙදි පොරවා මෙලෙස පැමිණි පුද්ගලයා රුපියල් තිස්දහසකට අධික භාණ්ඩ හා මුදලින් රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් හොරෙන් රැගෙන යන අයුරු වෙළඳ සැලේ සවිකර ඇති  සී.සී.ටීවී ආරක්ෂිත කැමරාවේ සටහන්වී තිබෙන අයුරු දැකගත හැකී.

වෙළඳ සැල් හිමියා පවසා සිටින්නේ පසුගිය 17වනදා අළුයම 2කට පමණ මෙම සොරකම සිදුව ඇති බව එම කැමරාවේ සටහන්ව ඇති බවයි.

පුද්ගලයා සම්බන්ධ තොරතුරක් දන්නේ නම් වහාම නාගොඩ පොලීසියට දැනුම් දෙන මෙන් පොලිසිය සහ වෙළදසැලේ අයිතිකරු ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ නාගොඩ පොලීසිය විසින් සිදු කරනු ලබනවා.