බදුල්ල වෙඩිබෙහෙත් සංකීර්ණයක් අසල ගින්නක් | Colombocall බදුල්ල වෙඩිබෙහෙත් සංකීර්ණයක් අසල ගින්නක් - Colombocall

Hot News

බදුල්ල වෙඩිබෙහෙත් සංකීර්ණයක් අසල ගින්නක්





බදුල්ල පොලිස් වසමේ පිහිටි වෙඩි බෙහෙත් ගබඩා සංකීර්ණය අසල ප්‍රදේශයේ කැලෑබද කොටස තුල ඊයේ (03) ගින්නක් හට ගෙන තිබෙනවා.

ලද තොරතුරු අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, බදුල්ල නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මේ වන විට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ හේතුතවෙන් ජීවිත හානි හෝ තුවාල වීම් කිසිවක් සිදු නොවූ අතර අක්කර 20ක පමණ භූමි ප්‍රමාණයක් පිලිස්සී විනාශ වී ඇති බව සදහන් වනවා. මේ සඳහා හේතුව මේ වනවිටත් හෙළි වී නොමැති අතර ඒ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.