භාණ්ඩවල මිල ඉහල යාම සම්බන්ධව කැබිනට්ටුවේ මත ගැටුම් - ජනපතිත් මැදිහත් වෙයි | Colombocall භාණ්ඩවල මිල ඉහල යාම සම්බන්ධව කැබිනට්ටුවේ මත ගැටුම් - ජනපතිත් මැදිහත් වෙයි - Colombocall

Hot News

භාණ්ඩවල මිල ඉහල යාම සම්බන්ධව කැබිනට්ටුවේ මත ගැටුම් - ජනපතිත් මැදිහත් වෙයි




ඇතැම් භාණ්ඩවල මිල සූත්‍ර වලින් වැඩි කළද බඩු මිල වැඩි කරන්නේ සූත්‍රවලින් නොවේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා. බඩු මිල සම්බන්ධයෙන් ඇමැතිවරුන් අතර කැබිනට් රැස්වීමේදී ඇති වූ සංවාදයකට එක්වෙමිනින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව  අතර ප්‍රශ්නයක් තිබෙන බව නිවාස හා ඉදිකිරීමේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කරීමත් සමග ඊට පිළිතුරු දී ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ අදහස සම්බන්ධයෙන් විරෝධය පළකර ඇතැයි වාර්තා වෙනවා.

හාල්,පොල්, ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල කලින්ට වඩා අඩුව ඇතැයි පවසා ඇති සමරවීර මහතා සජිත් ප්‍රේමදාස මහතා රැස්වීම් වල හැමදෙයක් ගැනම කතා කළද මේ ජීවන වියදම අඩුවීම ගැන කතා කරන්නේ නැතැයි පවසා ඇත.

කෙසේ වෙතත් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ජීවන වියදම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු ලෙසයි