ක්‍රිකට් ආයතනයේ කෝටි ගණනක වංචාව සම්බන්ධයෙන් අළුත්ම තොරතුරක් මාධ්‍යට - හිටපු ක්‍රිකට් සභාපතිවරයාගේ රෙදි ගැලවෙයි | Colombocall ක්‍රිකට් ආයතනයේ කෝටි ගණනක වංචාව සම්බන්ධයෙන් අළුත්ම තොරතුරක් මාධ්‍යට - හිටපු ක්‍රිකට් සභාපතිවරයාගේ රෙදි ගැලවෙයි - Colombocall

Hot News

ක්‍රිකට් ආයතනයේ කෝටි ගණනක වංචාව සම්බන්ධයෙන් අළුත්ම තොරතුරක් මාධ්‍යට - හිටපු ක්‍රිකට් සභාපතිවරයාගේ රෙදි ගැලවෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවන්නට ගිය කෝටි ගණනක මුදල් වංචාවක් පිළිබඳව පසුගියදා තොරතුරු අනාවරණය වූ අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට CIDය විසින් විමර්ශන සිදුකරමින් සිටිනවා.

මෙහිදී අනාවරණය වූ තොරතුරු අනුව ඉන්දීය විකාශන ආයතනය වන සෝනි (Sony) සමාගම විසින් පවසා තිබුණේ ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු විසින් මුදල් බැර කිරීම සඳහා ලබාදී තිබුණේ හොංකොං හි මූල්‍ය ආයතනයක ගිණුමක් බවයි.

මෙම ගිණුම ෆන්යා සිලු නම් ආයතනයක් විසින් 2017 වසරේදී විවෘත කර තිබෙන බවයි පසුව සොයාගනු ලැබුවේ. ඒ අනුව මෙම ගිණුම ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන සේවකයෙකු හා සේවිකාවකගේ නම්වලට බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා හිටපු ක්‍රිකට් සභාපතිවරයාගේ සමීපතමයින් දෙදෙනෙක් වන අතර මේ දෙදෙනා හොංකොං රටට ගොස් මෙම ගිණුම විවෘත කිරීම සිදුකර ඇති බවත් ඒ සඳහා මුදල් ලබා දී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙලේ නිලධාරියෙකු බවත්  ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර තිබෙනවා.