ප්‍රභල ඇමතිවරයෙකුගේ ආධාරයෙන් පාසල් දරුවන්ට අලුත් මධ්‍යසාරයක් ! | Colombocall ප්‍රභල ඇමතිවරයෙකුගේ ආධාරයෙන් පාසල් දරුවන්ට අලුත් මධ්‍යසාරයක් ! - Colombocall

Hot News

ප්‍රභල ඇමතිවරයෙකුගේ ආධාරයෙන් පාසල් දරුවන්ට අලුත් මධ්‍යසාරයක් !

මේ වන විට අපේ රට තුල පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් විවිධ වූ මත්ද්‍රව්‍ය,මත්පෙති විකුණන ජාවාරම් පිළිබඳ නිරන්තරයෙන්ම වාර්තා වෙනවා. මේ අතරතුරේ රජයේ ප‍්‍රබල අමාත්‍යවරයකුගේ ආධාර උපකාර ඇතිව එක්තරා සමාගමක් විසින් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මද්‍යසාර අඩංගු පානයක් නිෂ්පාදනය කර ඇති බවටද තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.

ඒ අනුව 4% ක මද්‍යසාර ප්‍රමාණයක්‌ අඩංගු කරමින් මෙම නිෂ්පාදනය සිදුකර ඇති අතර වත්මන් රජයේ ප්‍රබල දේශපාලන බලපෑමක් මත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහා අනුමැතිය ලබාදීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
හොරණ මොරගහහේන කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරන බව කියන මෙම පානය නිල්, තැඹිලි, කහ සහ රතු වර්ණයෙන් යුතුව මිලි ලීටර් 100 බැගින් වූ බෝතල්වල අසුරා තත්ත්ව සහතිකය ලබාගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බවත්, කෙසේ හෝ මෙම නිෂ්පාදනය රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන වෙළෙඳපොළට නිකුත් කිරීමට දැඩි උත්සහයක්‌ දරණ බවත් වැඩිදුරටත් වාර්තා වනවා.
කෙසේ වෙතත් මේ තුලින් සමාජයට සිදුවන ව්‍යවසනය පිළිබඳ අවබෝධයක්‌ ඇති සුරාබදු නිලධාරීන් කිහිපදෙනකු මෙම පාපකර්මයට හවුල් වීමට නොහැකි බව පවසමින් කල් කල්මරමින් සිටින බවද සඳහන් වනවා.