ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට ආණ්ඩුව බය වෙලා! | Colombocall ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට ආණ්ඩුව බය වෙලා! - Colombocall

Hot News

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට ආණ්ඩුව බය වෙලා!






ඒකාබද්ධ විපක්ෂය විසින් අනිද්දා (05) පැවැත්වීමට සුදානම් වන ජනබලය කොළඹට විරෝධතා රැළිය සඳහා පවතින රජය බිය වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටිනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නිදහස් පක්ෂ මහ ලේකම්වරයාගේ ප්‍රකාශවලින් මේ බව තහවුරු වන බව ද ඒ මහතා වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

පවතින රජය තුල ඇති දුෂණ සහ අක්‍රමිකතා සඳහා විරෝධය පළකිරීමක් වශයෙන් මෙම විරෝධතා රැලිය සැප්තැම්බර් 5 වනදා ආරම්භ කිරීමට සුදානම්.