බාරයක් ඔප්පු කරන්න සෝමාවතියට ආ හතක් රෝහලේ! | Colombocall බාරයක් ඔප්පු කරන්න සෝමාවතියට ආ හතක් රෝහලේ! - Colombocall

Hot News

බාරයක් ඔප්පු කරන්න සෝමාවතියට ආ හතක් රෝහලේ!





හෝමාගම සිට පොලොන්නරුව සෝමාවතියට බාරයක් ඔප්පු කිරීම සඳහා පැමිණි පිරිසක් ගමන් ගමන් කල ජීප් රථයක් සහ තවත් ජීප් රථයක් දඹුල්ල-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල- පුවක්පිටිය ප්‍රදේශයේදී මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

අද (21) අලුයම 4.00 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු පුදගලයෝ සය දෙනෙකු දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබෙන බවයි වාර්තාවන්නේ.

ජීප් රථයේ රියදුරාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති අතර හෝමාගම ප්‍රදේශයේ පදිංචි සිව් දෙනෙකු හා දඹුල්ලේ මවක් හා ඇයගේ පුතා මෙසේ තුවාල ලබා රෝහල් ගත කර පුද්ගලයන් අතර සිටින බව පොලීසිය කියා සිටියා.

මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ ගලේවෙල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.