විල්පත්තුවේ පොකුණු සිඳී යයි! - වන ජීවින් විනාශවීමේ අවධානමක | Colombocall විල්පත්තුවේ පොකුණු සිඳී යයි! - වන ජීවින් විනාශවීමේ අවධානමක - Colombocall

Hot News

විල්පත්තුවේ පොකුණු සිඳී යයි! - වන ජීවින් විනාශවීමේ අවධානමක





මේ දිනවල පවතින කාලගුණය හේතු කොට ගනිමින් ඇතිවන නියඟය නිසා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ඇති පොකුණු ගංඟා රැසක් සිඳී යාමේ තර්ජනයට ලක්ව තිබෙනවා. එහි උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා කියා සිටියේ පවතින තත්ත්වයට පිළියම් ලෙස කෘතිමව සකස් කර ඇති විල්ලු සඳහා බව්සර් මගින් ජලය සම්පාදනය කිරීමට වන ජීවී නිලධාරීන් කටයුතු කර ඇති බවයි.

මෙම වනෝද්‍යානයේ ඇති විල්ලු 42 කින් 14 මේ වන විට සම්පූර්ණයෙන්ම සිඳී ගොස් තිබෙනවා.  තවත් විල්ලු 20 ක් පමණ සිදී යමින් පවතිනවා. විල්ලු 8 පමණ ජලය රැඳී තිබුනත් උද්‍යාන පාලකවරයා පවසා සිටියේ ඒවායෙහි ඇති ජල ප්‍රමාණය උද්‍යානය තුළ සිටින වන සතුන්ට ප්‍රමාණවත් නොවන බවයි. ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ගැවසෙන වන සතුන්ද දැඩි පීඩාවකට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වයට පිළියම් ලෙස මේ වන විට කෘතිමව සකස් කරන ලද පොකුණු වලට ජලය සම්පාදනය කිරීමට වන ජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා. නමුත් වනාන්තරයේ ඇති වන සතුන්ට හිතකර තෘණ වර්ගද මේ වන විට වියලී යමින් තිබෙන බවක් දක්නට ඇත. වන ජීවී නිලධාරීන්ගේ මතය වී ඇත්තේ මෙම තත්ත්වය නිසා වන සතුන් ආහාර සොයා ගම්වැදීමට ඇති ඉඩකඩ වැඩි බවයි.