බිරිඳ බැලීමට බන්ධනාගාරයට ආ සැමියා, කෑම සමග හෙරොයින් ගෙනල්ලා | Colombocall බිරිඳ බැලීමට බන්ධනාගාරයට ආ සැමියා, කෑම සමග හෙරොයින් ගෙනල්ලා - Colombocall

Hot News

බිරිඳ බැලීමට බන්ධනාගාරයට ආ සැමියා, කෑම සමග හෙරොයින් ගෙනල්ලා




බන්ධනාගාර ගතව සිටින සිය බිරිඳ බැලීමට බත් පාර්සලේ සඟවා හොරොයින් මිලිග‍්‍රෑම් 4220  ට අධික ප‍්‍රමාණයක්   බන්ධනාගාරය තුළට යැවීමට උත්සහ කළ පුද්ගලයෙක් බන්ධනාගාරය අසලදී අත්අඩංගුවට ගත්බව කෙසෙල්වත්ත පොලිසිය පවසනවා.


හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අදාල කාන්තාව බන්ධනාගාර කර ඇති අතර,  කෙසෙල්වත්ත දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත පොලිසිය මොහු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ ආරම්බ කෙරුණා.

අදාල පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී පුද්ගලයන්  10 දෙනෙකුට පමණ සෑහෙන පරිදි බාල්දියක දමා දහවල් ආහාරය රැගෙන විත් ඇති අතර, පොලිසිය එය පරික්ෂා කිරීමේ දී එහි බත් අතර පොලිතින්  බෑග් දෙකක දමා මත්ද්‍රව්‍ය පැකට් සොයාගෙන තිබෙනවා.