මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් මැලේසියාවේ හිටපු අගමැති අත්අඩංගුවට | Colombocall මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් මැලේසියාවේ හිටපු අගමැති අත්අඩංගුවට - Colombocall

Hot News

මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් මැලේසියාවේ හිටපු අගමැති අත්අඩංගුවට




මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන්  චෝදනා එල්ල වී සිටි මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රාසක් ඊයේ (19) අත්අඩංගුවට පත් වුණා. ඒ රජයට අයත් ආයෝජන අරමුදලක තිබිය යුතු එක්සත් ජනපද ඩොලර් මිලියන 628ක මුදලක් තම පෞද්ගලික ගිණුමේ තිබීම සම්බන්ධයෙන්.

පසුගිය මහ මැතිවරණයේදී නජීබ් රසාක්ගේ පරාජයට හේතු වූයේත් දූෂණ චෝදනා වන අතර, බලයට පත් වූ  මහතීර් මොහොමඩ් බලයට පත්වීමට පෙර සිටම පසුගිය ආණ්ඩුව සමයේදී සිදු වූ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවට පොරොන්දු වුණා. එවකට පැවති පාලන සමයේ ප්‍රධානතම දූෂණ චෝදනාව වූයේ  එරට මුදල් අමාත්‍යාංශයට අයත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්.

මීට අමතරව නජීබ් රසාක්ට චෝදාන රැසක් එල්ල වී තිබෙන අතර නජීබ් රසාක් අද (20) අධිකරණය හමුවේ පෙනි සිටීමට නියමිතයි.