"ටික වේලාවක් මසාජ් කරද්දී සනීපෙට නින්ද ගියා" ! සැපක් ගන්න ගිය ව්‍යාපාරිකයාට සුරූපී තරුණිය කරපු දේ ! විස්තරය මෙන්න | Colombocall "ටික වේලාවක් මසාජ් කරද්දී සනීපෙට නින්ද ගියා" ! සැපක් ගන්න ගිය ව්‍යාපාරිකයාට සුරූපී තරුණිය කරපු දේ ! විස්තරය මෙන්න - Colombocall

Hot News

"ටික වේලාවක් මසාජ් කරද්දී සනීපෙට නින්ද ගියා" ! සැපක් ගන්න ගිය ව්‍යාපාරිකයාට සුරූපී තරුණිය කරපු දේ ! විස්තරය මෙන්න







වෙන්නප්පුව වයික්‌කාල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්‌ථානයට ගිය ව්‍යාපාරිකයකු ගේ රුපියල් 95,000 ක්‌ වටිනා ගෙල පැලඳි රන් දම්වැල තෙරපිය සිදු කරපු කාන්තාව සොරකම් කර ඇති බවට වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබේ.

මාදම්පේ හරීන්දාගම ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයා වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතු කරන අයෙකි.

එවෙලේ තෙරපිය සිදු කළ කාන්තාව හැරුණු විට වෙනත් කිසිවෙකු නොසිටි බව ද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.


"මෙම සුරූපිණිය සම්භාහනය පටන් ගෙන ටික වේලාවක් කරද්දී නොදැනුවත්වම සනීපෙට නින්ද යන්න ඇති අතර එහිදී මෙම සොරකම සිදු කරන්නට ඇතැයි ඇතැමුන් පවසයි.

මේ සම්බන්ධව විමර්ශන කටයුතු කරන ලද වෙන්නප්පුව පොලිසිය, මාතලේ නාලන්ද මිරිස්‌වත්ත ලිපිනයේ පදිංචිකාරියක්‌ වන ලොකු යද්දෙහිගේ ශානිකා දර්ශනී  නමැත්තිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.