ගෑනුන්ගේ අඩ නිරුවත ලෝකයාට පේන්න රාජකීය උපන්දිනයක් සැමරූ චන්දිමාල්ට කෝට්ටේ රජමහා විහාරයේදී පන්න පන්නා පහරදෙයි | Colombocall ගෑනුන්ගේ අඩ නිරුවත ලෝකයාට පේන්න රාජකීය උපන්දිනයක් සැමරූ චන්දිමාල්ට කෝට්ටේ රජමහා විහාරයේදී පන්න පන්නා පහරදෙයි - Colombocall

Hot News

ගෑනුන්ගේ අඩ නිරුවත ලෝකයාට පේන්න රාජකීය උපන්දිනයක් සැමරූ චන්දිමාල්ට කෝට්ටේ රජමහා විහාරයේදී පන්න පන්නා පහරදෙයි


රාජකීය උපන්දින සාදයක් පැවැත්වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ හට කෝට්ටේ රාජමහා විහාරයේදී ප්‍රදේශවාසීන් පහරදී එළවා දමා තිබෙනවා. මෙම පහරදීම හේතු වී ඇත්තේ චන්දිමාල් විසින් කෝට්ටේ රජමහා විහාරයේ පිහිටි කතරගම් දේවාලයේ බස්නායක තනතුර ලබා ගැනීමට විහාරාධිපති හිමියන්ට විරුද්ධව පෙත්සමක් අත්සන් කිරීමට යාමයි.

මේ පිළිබඳව තොරතුරු සොයා බැලූ අපට දැනගන්නට ලැබුණු තොරතුරු අනුව සිද්ධිය සැකවින් මෙසේය..

කෝට්ටේ රජමහා විහාරයේ කතරගම දේවාලයේ බස්නායක තනතුර මේ වසරේ ලබාගැනීමට චන්දිමාල් ජයසිංහ දැඩි උත්සාහයක් දරා තිබේ. නමුත් පසුගිය කාලය පුරාම සමාජයේ දැඩි විරුද්ධත්වයක් දැක්වූ ක්‍රියාවන් ඔහු සිදුකළ නිසාවෙන් මෙන්ම බස්නායක නිලමේවරයෙකුට උචිත විනයක් ඔහුට නොතිබීම හේතුවෙන් මෙම තනතුර ලබාදීමේදී මහා සංඝරත්නය මෙන්ම කෝට්ටේ රජමහා විහාරයේ දායක සභාවද චන්දිමාල්ව ප්‍රතික්ෂේක කර තිබුණි.

මේ හේතුවෙන් චන්දිමාල් ජයසිංහ විසින් මොනයම් හෝ ආකාරයකින් බස්නායක තනතුර ලබාගැනීමට උත්සාහ දරා ඇති අතර ඒ අනුව පසුගිය 15වනදා කෝට්ටේ රජමහා විහාරයේ විහාරාධිපති හා දායක සභාවට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීමට ඔහු කටයුතු කර තිබේ. එයින් නොනැවතී 16වනදා ඔහු විසින් විහාරයේ භික්ෂූන් වහන්සේලා අතර සංඝභේදයක් ඇති කිරීමටද සුදානමින් සිට ඇති අතර මොනයම් හෝ ආකාරයකින් ඒ පිළිබඳව ප්‍රදේශවාසීන්ට ආරංචි වී තිබේ.

එය දැනගත් පිරිසක් චන්දිමාල් පන්සල් භූමියට පැමිණෙන තුරු රැකගෙන සිටිමින් ඔහු පැමිණි විගස පහරදී පන්සල් භූමියෙන් එලවාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ විසින් මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්ද සිදුකර ඇති අතර පහරදීම සම්බන්ධයෙන් ඔහු පොලිසියේදී නම්කළ ප්‍රදේශවාසීන් වෙනුවෙන් විහාරාධිපති හිමියන් පෙනී සිටින බව උන්වහන්සේ පවසා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් රැසක් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම්වල පවා විස්තර සටහන් කර ඇති අතර ඔවුන් පවසන්නේ කෝට්ටේ රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් අපවත්වන තුරු චන්දිමාල් ජයසිංහ බලා සිටින්නේ ඔහුට රිසි සේ දේවාලයේ කටයුතු කරගෙන යන්නට උන්වහන්සේ බාධාවක්ව ඇති නිසාවෙන් බවයි.