ඇතුගල පාසල් සිසු සිසුවියන් නිරුවතින්! | Colombocall ඇතුගල පාසල් සිසු සිසුවියන් නිරුවතින්! - Colombocall

Hot News

ඇතුගල පාසල් සිසු සිසුවියන් නිරුවතින්!





කුරුනෑගල ප්‍රදේශයේ පොලිස් ස්ථානයන් 5 ක මත්ද්‍රවය හා ළමා අපචාර පිලිබඳ සිදුවීම් වාර්ථාවන බව වයම පළාත හා උතුරුමැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත කිත්සිරි ජයලත් මහතා කියා සිටියා.

ඒ මහතා මේ බව කියා සිටියේ වැල්ලව පොලිසිය විසින් මැද්දේගම සංවිධානය කර තිබූ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් හා ප්‍රජා පොලිස්‌ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා සහබාගි වෙමිනුයි.

සංචාරක ආකර්ෂණය වැඩි ලෙස දිනා ගත් ප්‍රධාන පෙළේ හෝටල් 5000 කට වඩා පවතින දකුණු පලාතටත් වඩා කුරුනෑගල පොලිස් කොට්ටාශයේ විශේෂයෙන්ම පාසල් දරුවන් ඉලක්ක කොටගනිමින් මෙලෙස අපරාධ සිදුවීම් දරුණු වී ඇති බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියා.

එහිදී නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත කිත්සිරි ජයලත් මහතා මෙලෙස අදහස් දක්වා සිටියා,

“පසුගිය දවසක කුරුණෑගල නගරයේ හදිසි වැටලීමකදී කුරුණෑගල නගරයේ සුපිරි පාසල්වලට එන දරුවන් දාහතක්‌ කුඩු එක්‌ක අහුවුණා. මේ අය සමාජයේ වැදගත් මවුපියන්ගේ දරුවන්. වැව රවුමේ හෝටල් කාමර පරීක්‌ෂා කිරීමේදී අවුරුදු 15 ක ගැහැනු දරුවන් 3දෙනෙක්‌ හා පිරිමි දරුවන් 3දෙනෙක්‌ නිර්වස්‌ත්‍රව ඉඳලා අහුවුණා. මේ අය ගෙදරට කියලා ඇවිත් තිබුණේ උපකාරක පන්තිවලට යනවා කියලයි.

 ගමේ ඉස්‌කෝලෙන් ශිෂ්‍යත්වය පාස්‌ වෙලා කුරුණෑගල නගරයේ ප්‍රධානම පාසලකට ආපු දරුවෙක්‌ කුඩු බොන්න පුරුදු වෙලා, ඒක විෂ වෙලා මාස දෙකක්‌ රෝහලේ දුක්‌ විඳලා ගිය සතියේ මිය ගියා. මේවා මාධ්‍යවල ගියෙත් නෑ. ඒ නිසා දෙමාපියන් නගරයේ පාසල්වලට එවන තම දූ දරුවන් ගැන මීට වඩා සොයා බැලිය යුතුයි”