අමානුශික ලෙස බැණ තර්ජනය කරන නේෂන් ට්‍රස්ට් බැංකුවේ ණය අය කරගැනීමේ අංශය - Audio | Colombocall අමානුශික ලෙස බැණ තර්ජනය කරන නේෂන් ට්‍රස්ට් බැංකුවේ ණය අය කරගැනීමේ අංශය - Audio - Colombocall

Hot News

අමානුශික ලෙස බැණ තර්ජනය කරන නේෂන් ට්‍රස්ට් බැංකුවේ ණය අය කරගැනීමේ අංශය - Audio



ගෙදරට වැඳගෙන එන  නේෂන් ට්‍රස්ට් බැංකුවේ (Nations Trust Bank)ඇමරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ් පත් වෙළද සහයකයන් ක්‍රෙඩිට් කාඩ් බලෙන් ඇගෙන් ගසා වාරික 2ක් නොගෙවූ විට අමානුශික ලෙස බැණ තර්ජනය කර පෞද්ගලික මූල්‍ය ගනුදෙනු තොරතුරු සියල්ල අසල් වාසීන්ට පවා කියන බවට අතුරුගිරිය පොලීසියට පුද්ගලයෙකු පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

එමෙන්ම කාඩ්පත් හිමියා විසින් කාඩ් පත භාවිතා කර මිළදි ගත් දේ හා ලබා ගත් සේවාවන් සම්බන්ධයෙන් නැවත නැවත මතක් කර ඉතා අසෝභන ලෙස දැඩි මානසික පීඩනයක් එල්ල කරන බවයි ඔහු එහි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත් ඔහු චෝදනා කර සිටින්නේ මේ පිළිබඳව කිසිදු විභාගයක් අතුරුගිරිය පොලීසිය ගෙන නොමැති බවයි.

අදාල පුද්ගලයාට බැන තර්ජනය කරන හඩ පටයක් ද ඔහු විසින් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

ඒ පිළිබඳව ඔහු මෙසේ සඳහන් කර සිටියා

නේෂන් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ් පත් හිමියෙකු වන මා හට පසුගිය කාලය පුරා ඇතිවූ ආර්ථික අපහසුතා හේතුවෙන් මාස දෙකක ගෙවීම් අතපසුවුණා. විශේෂයෙන්ම මගේ බිරිඳගේ හිසෙහි සිදුකල සැත්කමක් හේතුවෙන් මාගේ ආදායම් මාර්ග අවහිර වීමත්, සැත්කම සඳහා අධික වියදමක් දැරීමට සිදුවීමත් නිසා මෙම අතපසුවීම සිදුවූබව බැංකුවේ නියෝජිතයින් දුරකථන මාර්ගය ඔස්සේ අවස්ථා කිහිපයකදී මා විසින් දැනුවත් කරනු ලැබුවා.

එබැවින් ඒ සඳහා පහසු ගෙවීමේ ක්‍රමයක් ඉල්ලා සිටියත් එම නියෝජිතයින් එය ලබාදීම ප්‍රතික්ෂේප කලා. ඒ වෙනුවට ඔවුන් මා හට දුරකථනය ඔස්සේ නින්දිත ලෙස බැනවදිමින් බැංකුව සතු මාගේ පුද්ගලික තොරතුරැ පිටත පුද්ගලයින්ට ලබාදෙන බවට අවස්ථා කිහිපයකදී බැංකු නියෝජිතයින් විසින් තර්ජනය කරනු ලැබුවා.


එසේම මා දුරකතන මාර්ගයේ රඳවා ගනිමින් මාගේ ඥාති සහෝදරයින් දෙදෙනෙකුටත්, ඔවුන්ගේ නිවැසියන්ටත් හා මාගේ නිවැසියන්ටත් ඔවුන්ගේ දුරකතනය ඔස්සේ බැනවදිමින් මා පිළිබඳව අසත්‍ය හා අපහාසාත්මක අයුරින් විවිධ ප්‍රකාශ සිදුකලා. ඒ පිළිබඳව මා දුරකථනය ඔස්සේ බැංකුවේ බලධාරියෙකු දැනුවත් කලද ඔහුට මාහට අපහාසාත්මකව බැනවැදුනා. ඔවුන් නියම කරන මුදල නොගෙවුවහොත් නිවසට පැමිණ අසල්වැසියන්ටද මා පිළිබඳ අපහසාත්මක තොරතුරැ ඉදිරිපත් කරන බවටද තර්ජණය කලා.

මාගේ බිරිඳ මේ වන විට හිසෙහි ශල්‍යකර්මයක් සිදුකර සුවය ලබමින් සිටින නිසා මෙම ඇමතුම් මගින් ඇයට ඇතිවන මානසික පීඩාව පිලිබඳව ද මා ඔවුන්ට කිහිපවිටක්ම පැවසුවත් ඔවුන් ඒ කිසිවක් පිලිබඳ තැකීමක් සිදුකලේ නැහැ.

පසුව මවිසින් නීතියේ පිලිසරණ ලබාගැනීමට 2018. 06. 26 දින අතුරැගිරිය පොලීසියට පැමිණිල්ලක් සිදුකරනු ලැබුවා (CIB-I 205/268). එහෙත් එම පැමිණිල්ල විභාග නොවුණ අතර දුරකථනය ඔස්සේ අපහස කිරීම බැංකුව විසින් තවදුරටත් සිදුකරගෙන යනු ලැබුවා.

පසුව මා විසින් පොලීසියෙන් කරන ලද විමසීමකදී 2018.07.07 දින විභාගය සඳහා පොලීසියට කැඳවනු ලැබුවා. එහෙත් විභාගය සඳහා බැංකුව නියෝජනය කරමින් කිසිවෙකුත් නොපැමිණි අතර නැවතත් පැමිණිල්ලක් සිදුකරන ලෙස පොලීසිය මා හට දැනුම් දුන්නා.

ඉන්පසුව එදිනම CIB ii 254/93 දරණ පැමිණිල්ල මා විසින් සිදුකරන ලද අතර මේ වන තෙක් ඒ සඳහා විභාගයක් සිදුකර නැහැ. එහෙත් තවමත් වරින් වර බැංකු නියෝජිතයින් මා හට දුරකථනය ඔස්සේ බැනවදිමින් සිටියි.

යම් පුද්ගලයෙකු ක්‍රෙඩිට් කාඩ් පතක් ලබාගෙන ඇත්නම් ඒ සම්බන්ධයෙන් ගෙවිමක් කර නොමැති නම් ඒ සදහා කටයුතු කරන ආකරයක් තිබේන අතර එම ක්‍රියා පටිපාටිය ඉක්මවා ගොස් රටේ නීතිය අතට ගෙන මේ ආකාරයට හැසිරෙන නේෂන් ට්‍රස්ට් බැංකුව හෝ වෙනත් බැංකුව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුය.

 හඬ පටය පහතින්