9 වන වසරේ පාසල් සිසුවිය බිළිගත් මෝටර් රථ අනතුර CCTV දර්ශන | Colombocall 9 වන වසරේ පාසල් සිසුවිය බිළිගත් මෝටර් රථ අනතුර CCTV දර්ශන - Colombocall

Hot News

9 වන වසරේ පාසල් සිසුවිය බිළිගත් මෝටර් රථ අනතුර CCTV දර්ශන



හැටන්-තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වු මෝටර් රථයක පාසල් සිසුවියක් ගැටී අනතුරක් සිදු වි ඇති බව දිඹුල පොලීසිය පවසයි. ඊයේ(18) පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු ඇති බව පොලීය සඳහන් කළේය

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික පාසලක 9 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවිය පාසල් නිම වී පාසල් බස් රථයෙන් කොටගල ප්‍රදේශයට ගොස් බස් රථයෙන් බැස අපරික්ෂාකාරි ලෙස මාර්ගය හරහා අනිත් පසට දිවයන අවස්ථාවේ අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයේ ගැටී පාසල් සිසුවිය අනතුරට පත් වි ඇත.

අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබු පාසල් සිසුවිය කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් වැඩි දුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මූලිකරෝහල වෙත මාරු කර යාවා ඇති බව වාර්තා වෙයි.

මොටර් රථයේ රියදුරා සැකපිට දිඹුල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තා කරු සඳහන් කළේය.සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි