ළමුන් 65 දෙනෙකු හදිස්සියේ රෝහල්ගත කරයි! | Colombocall ළමුන් 65 දෙනෙකු හදිස්සියේ රෝහල්ගත කරයි! - Colombocall

Hot News

ළමුන් 65 දෙනෙකු හදිස්සියේ රෝහල්ගත කරයි!





වටවල ටෙම්පල්ස්ටෝ වතුයායේ ළමුන් 65 දෙනෙකු ඊයේ (05) දිනයේ ආහාර විසවීම හේතුකොටගෙන වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළු කොට තිබෙනවා.

අවුරුද්දත් අවුරුදු 10 ත් අතර වයසේ පසුවන ළමුන් පිරිසක් මෙසේ රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. රාජ්‍ය නොවන සංවිධානයක් විසින් වතුයායේ පිහිටි ආගමික මධ්‍යස්ථානයක අමතර පන්තියක් පවත්වාගෙන යන අතර එහිදී ලබාදුන් ආහාර අනුභව කිරීමෙන් පසු මෙම තත්වය ඇති වූ ලෙස ප්‍රදේශවාසින් සඳහන් කළා.

ඔවුන් ක්ලාන්තය / වමනය හා පාචනය යන රෝග ලක්ෂණ වලින් පෙළෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විටත් මෙහෙයවනු ලබනවා.