විමල් ඇතුළු 6 දෙනෙකුට එරෙහිව නඩු! | Colombocall විමල් ඇතුළු 6 දෙනෙකුට එරෙහිව නඩු! - Colombocall

Hot News

විමල් ඇතුළු 6 දෙනෙකුට එරෙහිව නඩු!





පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට කුරුඳුත්ත පොලීසිය විසින් අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කර 2016 වසරේ පෙබරවාරි මස 6 වන දා කොළඹ බෞද්ධාලෝක මාවතේ මහජනතාවට පීඩාවක් වන අයුරින් විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධයෙනුයි.

මේ අනුව ඒ පිළිබඳ නියෝගය ලබන නොවැම්බර් මස 12 වන දා ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.