පොලීසියේ 6කට 10ක් වටකරගෙන ගහලා 2ක් රොහල්ගත කරයි | Colombocall පොලීසියේ 6කට 10ක් වටකරගෙන ගහලා 2ක් රොහල්ගත කරයි - Colombocall

Hot News

පොලීසියේ 6කට 10ක් වටකරගෙන ගහලා 2ක් රොහල්ගත කරයි



 වැටලීමක් සිදු කිරීමට ගිය පොලීසියේ නිලධාරීන් පිරිසකට ගිරාදුරුකෝට්ට තෙල්දෙනියාය ගම්මානයේ දී මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම නිළධාරීන් පිරිස  සවස 4.30 පමණ ලද තොරතුරකට අනුව ගිරාදුරුකෝට්ට ප්‍රදේශයේ ගංජා වැටලීමකට සහභාගී වී ඇති අතර, එහි දීයී මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ.

මෙම වැටලීම සඳහා පොලිස් නිලධාරීන් 6 දෙනෙක් අනියුක්ත වී ඇති අතර එහි දී  10 දෙනෙකුගෙන් පමණ සමන්විත වූ මැර පිරිසක් පොලීසිය වටකර පහරදී ඇති බවත්, මෙහිදී ඇති වූ ගැටුමේදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලැබූ බවත් පොලීසිය සඳහන් කරයි.

තුවාල ලැබූ පොලිස් නිලධාරින්‍ දෙදෙනා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පොලීසියට පහරදීමට සම්බන්ධ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවත් අනෙක් සැකකරුවන් සොයා මෙහෙයුමක් දියත් කර ඇති බවත්  පොලීසිය කියා සිටියා.

බදුල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත හා සහකාර පොලිස් අධිකාරී උදිත් ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත ගිරාදුරුකෝට්ට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් අංගම්මන මහතාගේ මෙහයවීම යටතේ ගිරාදුරුකෝට්ට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.