ජනපතිගේ දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදැක් වූ තානාදිපති වරියට රැකියාව අහිමිවෙයි - 5කට ගෙදර එන්න කියයි | Colombocall ජනපතිගේ දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදැක් වූ තානාදිපති වරියට රැකියාව අහිමිවෙයි - 5කට ගෙදර එන්න කියයි - Colombocall

Hot News

ජනපතිගේ දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදැක් වූ තානාදිපති වරියට රැකියාව අහිමිවෙයි - 5කට ගෙදර එන්න කියයි


 ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුරකතන ඇමතුම් සඳහා ප්‍රතිචාර නොදැක්වූ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති මෙන්ම තවත් පස් දෙනෙක් වහාම නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙනවා.

සිය දුරකතන ඇමතුම් සඳහා අවස්ථා කිහිපයකදීම මෙලෙස ප්‍රතිචාර නොදක්වා ඇති බවටයි අණාවරනය වෙන්නේ.

ඒ අනුව මෙසේ ශ්‍රී ලංකාවට කැඳවා ඇත්තේ වියනා නුවර රාජකාරී කළ ප්‍රියාණි විජේසේකර මහත්මිය ඇතුළු පිරිසකි. පසුගිය සතියේදී ජනපතිවරයා ඔස්ට්‍රියාවේ තානාපති කාර්යාලයට අවස්ථා ගණනාවකදීම දුරකතනය ඔස්සේ කථා කිරීමට උත්සාහ කළත් පැය කිහිපයක්ම ඒම කාර්යාලයේ නිලධාරීන් දුරකතනයට ප්‍රතිචාර දක්වා නොමැත.

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා නොගොස් ජනපතිවරයාම සෘජුවම වියනා තානාපති කාර්යාලය සම්බන්ධ කර ගැනීමට කටයුතු කිරීමට හේතුව කුමක්දැයි වාර්තා නොවේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයද නිලධාරීන්ගේ නැවත කැඳවීම තහවුරු කර ඇතත් එයට හේතුව පවසා නොමැත.