වසර 50ක රංගන ජිවිතය ගැන මම තෘප්තිමත් ! | Colombocall වසර 50ක රංගන ජිවිතය ගැන මම තෘප්තිමත් ! - Colombocall

Hot News

වසර 50ක රංගන ජිවිතය ගැන මම තෘප්තිමත් !

Image result for suminda sirisena

මොනවද අලුත් තොරතුරු?
අසනීප තත්ත්වය නිසා ඒ සඳහා ප්‍රතිකාර කරනවා.

කලා ක්ෂේත්‍රයේ හිතවතුන් ඔබට කතා කරනවද?
කතා කරලා, දුක සැප අහනවා. මාව බලන්නත් ආවා.

කොච්චර කාලයක් වෙනවද රංගනයට එකතුවෙලා?
වසර පනහකට ආසන්න කාලයක් වෙනවා. මම මුලින්ම රංගනයට එකතු වෙන්නේ පාසල් වේදිකාවෙන්.

ඔබ සිනමාව, වේදිකාව, පුංචි තිරය යන තුනම නියෝජනය කරපු ශිල්පියෙක් ලෙස ඒ අත්දැකීම මොන වගේද?
ඒ තුනම එකිනෙකට වෙනස්. වේදිකාව කියන්නේ නිදහසේ රඟපාන්න පුළුවන් සජීවී තැනක්.

ඔබතුමා අන්තිමට රංගනයෙන් දායක වුණු නිර්මාණය මතක් කළොත්?
බොරලු පාර කියන නිර්මාණයට තමයි දායක වුණේ.

වසර කීයක් වෙනවද රංගන කටයුතුවලින් ඉවත්වෙලා?
වසර හයක් වෙනවා. ඒ කාලය ඇතුළත ආරාධනා ලැබුණෙත් නැහැ. මට අසනීප නිසා රඟපාන කටයුතුවලට එකතු වෙන්න අමාරුයි කියලා දන්නවා.

රංගනයෙන් දායක වුණු නිර්මාණ අතරින් ඔබ කැමතිම නිර්මාණ මොනවාද?
සමනල තටු චිත්‍රපටයට තමයි මම ගොඩක් කැමති.

රූපවාහිනී නිර්මාණ ඔබ රස විඳිනවාද?
ඔව්. හැමදාම බලන්නේ නැහැ. හොඳ නිර්මාණයක් වුණොත් බලනවා.

වර්තමාන ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?
දක්ෂයෝ ඉන්නවා. ඒත් ඔවුන්ට ලැබෙන අවස්ථා අඩුවෙලා තියෙනවා. හොඳ නිර්මාණ ලැබෙනවා නම් ඔවුන්ගේ දක්ෂතා එළිදක්වන්න පුළුවන්. නමුත් කනගාටුව වැඩියෙන් මෙගා නාට්‍ය නිෂ්පාදනය කරනවා. නමුත් ගුණාත්මක නාට්‍ය හැදෙන්නේ බොහොම අඩුවෙන්. ඒ වගේම මම අකමැතියි විදේශ ටෙලි නාට්‍ය පෙන්වනවට.

නිර්මාණකරණයට යොමුවෙන්න අදහසක් නැද්ද?
‍පොඩි දේවල් කරලා තියෙනවා. දැන් කැමති නිර්මාණකරණයකට යොමුවෙන්න. ඒත් අකුරු ලියන්න අමාරුයි. ඒත් ආසාවක් තියෙනවා.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
ලොකු සතුටක් තියෙනවා. අපට හොඳ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා. ඒ නිසා කලකිරීමක් ඇතිවෙලා නැහැ.

කොහොමද ගෙදරදි කාලය ගතවෙන්නේ?
වැඩි වෙලාවක් ව්‍යායාම කරනවා. ඊට අමතරව නිර්මාණ රස විඳිනවා, ‍පොත්පත් කියවනවා. එහෙම තමයි මම කාලය ගත කරන්නේ.

තිළිණි කරුණාරත්න

Image result for suminda sirisena