නෞකාවක් පෙරළී 40ක් ජීවිතක්ෂයට! - 200ගේ පමණ තත්වය බරපතලයි | Colombocall නෞකාවක් පෙරළී 40ක් ජීවිතක්ෂයට! - 200ගේ පමණ තත්වය බරපතලයි - Colombocall

Hot News

නෞකාවක් පෙරළී 40ක් ජීවිතක්ෂයට! - 200ගේ පමණ තත්වය බරපතලයි





ටැන්සානියාවේ, වික්ටෝරියා විලේ යාත‍්‍රා කළ පුද්ගලයින් 400 අධික පිරිසක් සිටි මගී ප‍්‍රවාහන නෞකාවක් පෙරළී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරෙන් පුද්ගලයින් 40ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර, එම සංඛ්‍යාව 200ක් පමණ වනු ඇති බවයි ටැන්සානියානු බලධාරීන් පවසා සිටින්නේ. පුද්ගලයින් 100ක් පමණ සහන සේවා ආරක්ෂක කණ්ඩායම් විසින් බේරා ගැනුනද ඔවුන්ගේ ද  ඇතැමෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්වනවා.

මෙලෙස අනතුරට පත් නෞකාව මගීන් 100දෙනෙකු පමණ ප‍්‍රවාහනය කළ හැකි නෞකාවක් වුවද ප‍්‍රමාණයට වඩා වැඩි පිිරිසක් නෞකාවේ ගමන් කිරීම හේතුවෙන් එය පෙරළී ගොස් ඇති බවයි බලධාරීන් පවසා සිටින්නේ. කෙසේ වෙතත් නෞකාවේ ගමන් ගත් පුද්ගලයින්ගේ අනන්‍යතාව සොයා ගැනීම සඳහා පරික්ෂණ මේ වන විට කි‍්‍රයාත්මක වන බව වාර්තාවනවා.