නුවරඑළියේ සීතලේ සැප ගන්න ආ තරුණයින් 24ක් පොලිස් අත්අඩංගුවට! | Colombocall නුවරඑළියේ සීතලේ සැප ගන්න ආ තරුණයින් 24ක් පොලිස් අත්අඩංගුවට! - Colombocall

Hot News

නුවරඑළියේ සීතලේ සැප ගන්න ආ තරුණයින් 24ක් පොලිස් අත්අඩංගුවට!





සති අග නිවාඩුවට නුවරඑලිය සංචාරය සදහා පැමිණි තරුණයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය පියවර ගෙන තිබෙනවා.

කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේදි අද (22) උදැසන පැවති හදිසි වැටලිමකදි මෙම තරුණයන් පිරිස සැකපිට අත්අඩංගුවට ගත බවයි හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ජෙ.එල්.ජමිල් මහතා පවසා සිටින්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත තරුණයින් සතුව තිබී කේරල ගංජා මිලිග්රුම් 45200 ක තොගයක් සහ නිති විරෝධි දුම්වැටි සොයාගෙන තිබෙන බවයි වාර්තාවන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20-25 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්,ඔවුන් කොළඹ ,ගාල්ල,මාතර ,මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි හැටන් පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.

සැකකරුවන් හෙට (23) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.