නාමල්ට බෑ සහෝදරයා අනිවාර්යෙන් තරඟ වදිනවා 2019 ජනාධිපතිවරණය පිළිබඳ මහින්දගෙන් හෙළි දරව්වක් | Colombocall නාමල්ට බෑ සහෝදරයා අනිවාර්යෙන් තරඟ වදිනවා 2019 ජනාධිපතිවරණය පිළිබඳ මහින්දගෙන් හෙළි දරව්වක් - Colombocall

Hot News

නාමල්ට බෑ සහෝදරයා අනිවාර්යෙන් තරඟ වදිනවා 2019 ජනාධිපතිවරණය පිළිබඳ මහින්දගෙන් හෙළි දරව්වක්


2019 ජනාධිපතිවරණයට මාගේ සහෝදරයා නිසැක වශයෙන්ම තරග වදින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. ඔහු මේ බව කියා සිටියේ ඉන්දියාවේ THE HINDU පුවත සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින්

මේ THE HINDU පුවත්පත සමග පැවති සංවාදයයි

"ද හින්දු" මාද්‍යවේදියා -
2019 වසරේදී පැවැත්වෙන මැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නායකත්වය දෙන්නේ කවුද..? ඔබ දැනටමත් වාර දෙකක් සම්පුර්ණ කර තිබෙනවා. ඉතින් 19 වන සංශෝධනයට අනුව ඔබට සිමාවන් පැනවෙනවා නේද,,?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ -
පොදු ජන පෙරමුණට මම නායකත්වය දෙනවා., නමුත් ව්‍යවස්ථා සංශෝධනය එසේ වුවත් මැතිවරණයට එරෙහිව තරග කළ හැකි බවටත්, ඒ පිලිබදව අධිකරණයෙන් බේරුම් කර ගත හැකි බවටත් මතයක් තියෙනවා.
නමුත් මම ඒ අවධානම ගන්නවාද යන්න තීරණය කළ යුතුව තිබෙනවා. තවත් විකල්පයක් වන්නේ සියල්ලන්ට පිළිගත හැකි අපේක්ෂකයෙක් නම් කිරීමයි.

"ද හින්දු" මාද්‍යවේදියා -
එය ඔබේ පවුලේ සාමාජිකයෙකු විය හැකිද? නැතහොත් පවුලින් පිට අයෙක් වෙයිද.?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ -
මගේ පුතා [නාමල් රාජපක්ෂ] ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න බැහැ. ඔහුගේ දැන් වයස අවුරුදු 30යි. ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න වයස අවුරුදු 35 සම්පුර්ණ කරන්න ඕන.
ඒ නිසා 2019 දී ඔහු ගැන අවධානය යොමු කරන්න බහැ. මගේ සහෝදරයා නියත වශෙයන්ම තරග කරනවා. නමුත් පක්ෂය සහ සන්ධානය තීරණය කරවී ජනතා කැමැත්තට අනුව ඉදිරිපත් කල යුත්තේ කවුද කියල.