වළිය දා ගත්ත දීඝදන්තු 2 ට අලි වෙඩි දාලා එළ වූ වනජීවි නිළදාරීන්ට පරිසර වේදීන්ගෙන් රිදෙන්න ටොක්කක් | Colombocall වළිය දා ගත්ත දීඝදන්තු 2 ට අලි වෙඩි දාලා එළ වූ වනජීවි නිළදාරීන්ට පරිසර වේදීන්ගෙන් රිදෙන්න ටොක්කක් - Colombocall

Hot News

වළිය දා ගත්ත දීඝදන්තු 2 ට අලි වෙඩි දාලා එළ වූ වනජීවි නිළදාරීන්ට පරිසර වේදීන්ගෙන් රිදෙන්න ටොක්කක්



දීඝදන්තු 2 කියන දලයා පහර දීමෙන් ඊයේ කලා වැව අලි රංචුවක ඩොමිනන්ට් පිරිමි සතා මැරුණා (නැට්ට කොටා කියලා දල නැති අලියෙක්). සිද්ධිය නිව්ස්වලටත් පෙන්නුවා,

ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ එතන නෙමේ ඊලඟට ඩොමිනන්ස් තරඟෙ ඉන්න අලියටත් දීඝ පහර දෙන්න පටන් අරන් කියලා මෙලෝ රහක් නැති වනජීවී එකේ නිළධාරීන් අලි වෙඩි දාලා වලිය නවත්තලා.

මේ නිළධාරීන්ට එක්කො මොංගල් එහෙම නැත්තන් පරිසරය ගැන නෙමේ ආගම පාඩමක් කියලා දීලා තියෙන්නෙ ට්‍රේනින් එකේදි.  අලි ගැටුම්  නතර කරන එක ඔබලාගෙ ජොබ් එකේ කොටසක්ද ? අලි ගැටුම්  නතර කිරීම සිදුකලේ කුමන තර්කය මතද ?

අලි ⁣මරාගන්නා සටන් යනු ස්වාභාවධර්මය විසින් ඊලඟ ජනිත පරම්පරාවන්ට විශිෂ්ටතමයාගෙ ජාන සංසරණය කිරීම සඳහා නිපදවා ඇති ක්‍රමවේදයයි. මිනිස් වර්ගයාට ස්වාභාවික වරණයකින් තොරව නියෝජ්‍ය ඇමති වැනි....... චරිත බිහි වුනාට අලින්ට එසේ නොවේ. දුර්වලයා පරාජය වීම අත්‍යවශ්‍ය සාධකයකි. දීඝ පහර දුන් දෙවනි අලියාද දල නොමැත්තෙකි.

දීඝ කලා වැවුතාවුල්ල තුල අණසක තිර කරගැනීම යනු තවත් පරම්පරා කිහිපයක ජනිතයිනට පියා වනුයෙ දල ඇති ශක්තිමත් ඇතෙකි. වනජීවී නිළධාරීන් මේ සිදු කර ඇත්තෙ ස්වාභාවික ක්‍රියාවලියකට හොට දැමීමය. ඊලඟ කාරණය වන්නෙ කලාවැව රක්ශිතය තුල අලි වෙඩි ගැසීමට ඇති අයිතිය කුමක්ද ? එ උන්ගෙ බෝඩරේය. ඔබලාගේ  කාර්යබාරය මිනිසුන්ගෙන් අලි රැකීමත්, අලින්ගෙන් මිනිසුන් රැකීමත් මිස අලින්ගෙන් අලි රැක ගැනීම නොවේ. කරුණාකර එවන් තකතීරු වැඩ සිදු කිරීමෙන් දෙපාර්තමේන්තුවේ මුග්ධ දජය කරතබා ගෙන යෑමට දායක නොවන්න. අලින්ට බුදු දහම, මෛත්‍රී භාවනාව, පරපණ නැසීමේ ආනිසංස වැනි දෑ උගැන්වීමට නොයන්න.

සටහන සුපුන් ජයවීර - පරිසරවේදී