තම පුතාගේ 19 හැවරිදි පෙම්වතිය දූෂණය කළ 40 හැවිරිදි සල්ලාල තාත්තා | Colombocall තම පුතාගේ 19 හැවරිදි පෙම්වතිය දූෂණය කළ 40 හැවිරිදි සල්ලාල තාත්තා - Colombocall

Hot News

තම පුතාගේ 19 හැවරිදි පෙම්වතිය දූෂණය කළ 40 හැවිරිදි සල්ලාල තාත්තා




බුත්තල ප්‍රදේශයේ පියෙකු විසින් තම පුතා විවාහ වීමට සිටි පෙම්වතිය දූෂණය කර ඇති බවට බුත්තල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 නව හැවිරිදි මෙම තරුණිය සැකකාර පියාගේ පුත්‍රයා විසින් විවාහ වීමට පෙර සිය නිවසට කැදවාගෙන විත් එකට ජීවත් වී තිබෙනවා.

ඇයගේ මවුපියන්ගෙ කැමත්ත මත තරුණිය මෙම තරුණයාගේ නිවසේ පදිංචියට මෙලෙස පැමිණ ඇති අතර, තරුණිය හැටන් ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

දිනක්  එම තරුණයා තරුණිය නිවසේ තබා කුලී වැඩ සදහා පිටත්ව ගොස් ඇති අතර එම අවස්ථාවෙදී පියා විසින් බලහත්කාරයෙන් මෙම තරුණිය අපයෝජනය කිරීමට උත්සාහ ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පසුව තරුණිය කෑ ගසා ඇති අතර ගම්වාසීන් පැමිණ සිද්ධිය පිළිබඳ පොලිස් හදිසි ඇමතුම් අංකයට සහ බුත්තල පොලිසියට මේ පිළිබඳ දැනුම් දී තිබෙනවා.