ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (17) තරඟය පැරදුනොත් ආපසු ලංකාවට! | Colombocall ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (17) තරඟය පැරදුනොත් ආපසු ලංකාවට! - Colombocall

Hot News

ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (17) තරඟය පැරදුනොත් ආපසු ලංකාවට!





ඩුබායිහි පැවැත්වෙන ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරඟය අද (17) පැවැත්වීමට නියමිතයි.

ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් මෙන්ම තීරණාත්මක තරඟයක් වනු ඇතී.  ආසියානු කුසලානය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරඟය අනිවාර්යයෙන්ම ජයගත යුතු වෙනවා. ඒ බංග්ලාදේශය හමුවේ ලකුණු 137කින් පරාජයට පත්වීම හේතුවෙන් තරඟාවලියේ ඉදිරියට යාමටනම් මෙම තරඟයේ ක්‍රීඩා විලාශය ඉතා වැදගත් වනු නිසැකයි.

තරගාවලියේ ඊයේ (16) පැවති දෙවන තරගයෙන් හොංකොන් කණ්ඩායම පරාජයට පත් කරමින් පාකිස්ථානය පහසු ජයක් අත්කර ගනු ලැබුවා.