ශ්‍රී ල නි ප ය 16 දෙනාගේ කණ්ඩායම ගැන හදිස්සියේ තීරණයක් ගනී - පට්ටම් 8ක් ගලවයි | Colombocall ශ්‍රී ල නි ප ය 16 දෙනාගේ කණ්ඩායම ගැන හදිස්සියේ තීරණයක් ගනී - පට්ටම් 8ක් ගලවයි - Colombocall

Hot News

ශ්‍රී ල නි ප ය 16 දෙනාගේ කණ්ඩායම ගැන හදිස්සියේ තීරණයක් ගනී - පට්ටම් 8ක් ගලවයි




අදාල ප්‍රදේශයන් වල ආසන බල මණ්ඩල පිහිටුවා නොමැති වීම හේතුවෙන් ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු සංවිධායක ධූරවලින් ඉවත් කිරීමට  ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ රාත්‍රීයේ පැවැති ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ සඳහා නව සංවිධායකවරුන් පත් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත මහතා කඩුවෙල සංවිධායක ධූරයෙන්ද , ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා රත්නපුර සංවිධායක ධූරයෙන්ද , අනුර ප්‍රියදර්ශන යාපා මහතා කටුගම්පොළ සංවිධායක ධූරයෙන්ද , ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හක්මන සංවිධායක ධූරයෙන්ද , චන්දීම වීරක්කොඩි මහතා හබරාදූව සංවිධායක ධූරයෙන්ද ඉවත් කර ඒ වෙනුවට අලුතින් සංවිධායකවරුන් අද (21) දිනයේදී පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.