ලක්‍ෂ දෙකක මුදලකට කොල්ලුපිටියේ සැප දුන්න තායිලන්ත තරුණියන් 14ක් අත්අඩංගුවට | Colombocall ලක්‍ෂ දෙකක මුදලකට කොල්ලුපිටියේ සැප දුන්න තායිලන්ත තරුණියන් 14ක් අත්අඩංගුවට - Colombocall

Hot News

ලක්‍ෂ දෙකක මුදලකට කොල්ලුපිටියේ සැප දුන්න තායිලන්ත තරුණියන් 14ක් අත්අඩංගුවට


සංචාරක වීසා වලින් මෙරටට පැමිණි තායිලන්ත තරුණියන් 14 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුන් කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක සම්බාහන කටයුතුවල නිරතව සිටි අය බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අවුරුදු 20 සිට 45 දක්‌වා වයස්‌ කාණ්‌ඩවල පසුවන මෙම තරුණියන් කොල්ලුපිටිය ප්‍රසිද්ධ හෝටලයක නතර වී සිට සම්බාහන කටයුතුවල නිරතවන අතර මොවුන් සම්බාහන කටයුත්තක්‌ සඳහා රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලක්‌ අයකරන බව ද අනාවරණය වී තිබෙනවා.

ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන කඳවුරේ රඳවා ඇති අතර ඔවුන් රටින් පිටුවහල් කිරීම සඳහා ආගමන විගමන නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ඇති.