හමුදා නිළධාරීන් 14 ගමන් ගත් රුසියානු ගුවන් යානයක් ඊශ්‍රායල් ප්‍රහාරයකට ලක්වෙයි - Video | Colombocall හමුදා නිළධාරීන් 14 ගමන් ගත් රුසියානු ගුවන් යානයක් ඊශ්‍රායල් ප්‍රහාරයකට ලක්වෙයි - Video - Colombocall

Hot News

හමුදා නිළධාරීන් 14 ගමන් ගත් රුසියානු ගුවන් යානයක් ඊශ්‍රායල් ප්‍රහාරයකට ලක්වෙයි - Video




රුසියානු හමුදාවට අයත් ගුවන් යානයක් ඊශ්‍රායල් ජෙට් ප්‍රහාරයකට ලක්ව සිරියාවේ ලටයිකා ප්‍රදේශයේදී අනතුරකට පත්ව ඇති බව රුසියානු ආරක්ෂක අංශ පවසනවා. යානය තුල හමුදා නිළධාරීන් 14 පමණ රැඳී සිට ඇතැයි ඔවුන් පවසනවා.

පැයකට ආසන්න කාලයක් ප්‍රහාර මාලාව ක්‍රියාත්මක ක්‍රියාත්මක වී ඇති අතර පසුව ගුවන් යානය රේඩාර් පද්ධතියෙන් මිදී තිබෙනවා. මේ වන විට ගලවා ගැනීමේ අංශ ගුවන් යානය සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරය සඳහා  සිරියානු විදුලි බලාගාරයක් ඉලක්ක කර ඇති අතර, 2017 සිට අද දක්වා ඊශ්‍රායලය විසින් සිරියාව වෙත බෝම්බ සහ මිසයිල 792 ක් එල්ල කොට තිබෙනවා. ඉරානය විසින් සිරියාවේ හමුදා කඳවුරු බැඳීම් වලක්වාලීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණයි.