මහා පරිමාණ ජාවාරම්කරුවෙකු ලෙස චොදනා එල්ළ වී සිටි මොහොමඞ් සිද්ධික් ඇතුළු 05 ක් නිදොස් කොට නිදහස් | Colombocall මහා පරිමාණ ජාවාරම්කරුවෙකු ලෙස චොදනා එල්ළ වී සිටි මොහොමඞ් සිද්ධික් ඇතුළු 05 ක් නිදොස් කොට නිදහස් - Colombocall

Hot News

මහා පරිමාණ ජාවාරම්කරුවෙකු ලෙස චොදනා එල්ළ වී සිටි මොහොමඞ් සිද්ධික් ඇතුළු 05 ක් නිදොස් කොට නිදහස්



ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වූ මහා පරිමාණ ජාවාරම්කරුවෙකු වූ මොහොමඞ් සිද්ධික් ඇතුළු 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද නියෝග කළා.

හෙරොයින් ග‍්‍රෑම් 08යි දශම එකක් සන්තකයේ තබාගෙන සිටි බවට අධි චෝදනා ලැබ සිටි ඔහුට ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු බවටද චොදනා එල්ළ වුණා.

කෙසේ වෙතත් මෙම නඩුව විභාගයට ගනිමින් මොවුන්ට එරෙහිව පැමිණිල්ලේ සාක්ෂි පරස්පර විරෝධි බව පවසා විත්තිකරුවන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

2015 පාකිස්ථානයේ සැඟවසිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් සිද්ධිකි 2015 මාර්තු 19දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට ගෙනඑනු ලැබුවා. අනතුරුව මාස 06ක් රඳවාගෙන ප්‍රශ්න කළ සිද්ධික් 2015 සැපිතැම්බර් මස 19දා අලුත්කඩේ මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු විභාගය ඇරඹුණා.