VIP ලයිට් වාහන දුටුතැන අල්ලන්න නියෝග | Colombocall VIP ලයිට් වාහන දුටුතැන අල්ලන්න නියෝග - Colombocall

Hot News

VIP ලයිට් වාහන දුටුතැන අල්ලන්න නියෝග

මෝටර් රථවල භාවිතා කරනු ලබන VIP ලැයිට් නැමැති එල්ඊඞී විදුලි ලාම්පුව යොදා ඇති මෝටර් රථ වැටලීමට පොලිස් දෙපාර්තමේන්තුව සූදානම්වන බව වාර්තා වේ.

මෙම විදුලි ලාම්පු සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අදාළ විදුලි ලාම්පු භාවිතා කිරීම තහනම් බව කියා සිටී.
මෝටර් රථයක් ආනයනය කිරීමේදී ඊට අවශ්‍ය විදුලි ලාම්පු වර්ග සඳහන් වන බවත්, එවැනි ලාම්පු හැර වෙනත් අමතර ලාම්පු සවි කරනවා නම් මෝටර් ප්‍රවාහන අධිකාරියෙන් අනුමැතියක් ලබා ගැනීම අවශ්‍ය බව ඔහු කියා සිටී.

එසේම එවැනි විශේෂ අනුමැතියක් ලබා දෙන්නේ පොලිස් වාහන, ගිලන් රථ, ගිනි නිවන රථ වැනි ඒවාට බවද සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කරයි.

කෙසේවුවද, මෙවැනි ලාම්පු විකිණීම තහනම් කිරීමට පොලිසියට අවසරයක් නොවන බවද ඔහු කියා සිටියේය.

රජයේ ඉහළ නිලධාරීන් සහ දේශපාලන බලය ඇති පුද්ගලයන් මෙවැනි ලාම්පු පාවිච්චි කළද ඔවුන්ට ද විශේෂ අවසරක් නොවන බැවින් ඒවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු පැවසීය.