දයාසිරි කියන "බඩ වැඩි මාලිංගගේ" මානුෂීය මෙහෙවරක වීඩියෝව මෙන්න ! -Video- | Colombocall දයාසිරි කියන "බඩ වැඩි මාලිංගගේ" මානුෂීය මෙහෙවරක වීඩියෝව මෙන්න ! -Video- - Colombocall

Hot News

දයාසිරි කියන "බඩ වැඩි මාලිංගගේ" මානුෂීය මෙහෙවරක වීඩියෝව මෙන්න ! -Video-







ලසිත් මාලිංග යනු ලංකාවේ නම ක්‍රිකට් ක්‍රීඩාව හරහා ලෝකය හමුවේ තැබූ නිහතමානී ක්‍රීඩකයෙකි. ඔහු වරින් වර අසීරුකම් වලින් පෙළෙන ජනතාව වෙනුවෙන් උදව් උපකාර කළ බව වාර්තා වුණා.

එක්තැන් වි සිටින  තම රෝගී දරුවා හට කෑම, බීම, බෙහෙත් ලබා දිමට ආර්ථික අපහසුතා ඇති මවක් සොයා ගොස් මාලිංග ඔවුන් වෙත විශාල මුදල් පරිත්‍යාගයක් හා බෙහෙත් ,කෑම ආදිය ගැනීමට එවෙලේම මුදල් ලබා දුන්නා.

මවකට ඇති වටිනාම වස්තුව වන්නේ තමන්ගේ දරුවන් බව අවිවාදයෙන් අප පිළිගත යුතු වෙනවා. කළකට ඉහතදී දයාසිරි ජයසේකර මහතා ලසිත් මාලිංගගේ බඩ වැඩි බව කියමින් සමච්චලයට ලක් කළ බව ඔබට මතක ඇති.

මිනිසකුගේ බාහිර ස්වරූපය තුළින් ඔහුගේ දක්ෂතාවය හෝ මාණුෂීය ගුණය මැනිය නොහැකි බව  දේශපාලකයින් ඇතුළු අප සියළු දෙනා හට ප්‍රත්‍යක්ෂ කළ  අවස්ථාවක් ලෙස මාලිංගගේ මෙම ක්‍රියාව පෙන්වා දිය හැකි ය.

එම වීඩියෝව පහළින් නරඹන්න.