මලික් සමරවික්‍රම ගවයන්ගේ හා ඌරන්ගේ ශුක්‍ර ධාතු ගෙන්වන්න අත්සන් කළ ගිවිසුමේ විස්තරය මෙන්න ! (VIDEO) | Colombocall මලික් සමරවික්‍රම ගවයන්ගේ හා ඌරන්ගේ ශුක්‍ර ධාතු ගෙන්වන්න අත්සන් කළ ගිවිසුමේ විස්තරය මෙන්න ! (VIDEO) - Colombocall

Hot News

මලික් සමරවික්‍රම ගවයන්ගේ හා ඌරන්ගේ ශුක්‍ර ධාතු ගෙන්වන්න අත්සන් කළ ගිවිසුමේ විස්තරය මෙන්න ! (VIDEO)





අමාත්‍ය මලීක් සමරවික්‍රම විසින් අත්සන් කළ සිංගප්පූරු වෙළද ගිවිසුම දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. මෙම ගිවිසුම මගින් සිංගප්පූරූවේ මල ද්‍රව්‍ය, න්‍යෂ්ටික අපද්‍රව්‍ය සහ බැහැර කරනා කැලි කසල භාර ගැනීමට පවා ශ්‍රී ලංකාව බැඳි සිටින බව කියවේ. එයට අමතරව ශ්‍රී ලංකාවට අහිතකර කොන්දේසි බොහො ප්‍රමාණයක් මෙම ගිවිසුමේ අඩංගු බව කියවුනි.

මේ අතර ඊයේ දින (02) කොළඹ පැවැති ජන බල සේනා විරෝධතාවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විසින් මෙම සිංගප්පූරු ගිවිසුවේ අයහපත් ප්‍රතිඵල පිළිබදව අදහස් දැක්වූවා. එහිදි අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ 
"ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ගවයන්ගේ හා ඌරන්ගෙන් ශුක්‍ර ධාතු සහ කලල ආනයනය කිරීම සඳහා වූ බදු සම්පූර්ණයෙන්ම නිදහස් කර තිබෙනවා. 
මේ තුළින් මහජනයාට සෙතක් අත්වන්නේ කෙසේද? කියා ප්‍රශ්න කරනවා." යනුවෙනි.

මේ අතර මෙම සිංගප්පූරූ ගිවිසුමේ ඇති ඇතැම් වගන්ති පිළිබදව මෙම ගිවිසුම් අත්සන් කිරීමට මූලිකත්වය ගත් මලීක් සමරවික්‍රම අමාත්‍යවරයාට හෝ අවබෝදයක් නොමැති බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදින්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ පවසනවා,
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදි ලේකම්වරයා දැක්වූ අදහස් පහතින්,