ආණ්ඩුවේ තියෙන සුනාමි දෙක ධිවර ඇමති හෙළි කරයි (VIDEO) | Colombocall ආණ්ඩුවේ තියෙන සුනාමි දෙක ධිවර ඇමති හෙළි කරයි (VIDEO) - Colombocall

Hot News

ආණ්ඩුවේ තියෙන සුනාමි දෙක ධිවර ඇමති හෙළි කරයි (VIDEO)





උණ ලෙඩා ලුණු කැඳ ඉල්ලනවා වගේ  හැමදාම විපක්ෂය බලය ඉල්ලා සිටින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා. ඔහු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඒ බව කියා සිටියා.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා " මේ ආණ්ඩුවට සුනාමි දෙකක් තියනවනේ. එකක් තමයි නියඟය. අනික් සුනාමිය තමයි විපක්ෂයේ බලය නැති වෙච්චි දවසේ ඉදලම ඉල්ලන්නේ බලය.

උණ ලෙඩ්ඩු කැඳ ඉල්ලනවා වගේ, ලුණු කැඳ ඉල්ලනවා වගෙයි. නේද? ඒ කියන්නේ බලය නැතුවම ඉන්න බැහැ. උණ ලෙඩා ලුණු කැඳ ඉල්ලනවා වගේ හැමදාම ඉල්ලන්නේ බලය.

ඉතින් හැමදාම පෙළපාලි යනවා, පොල් ගහනවා, පිකටින් කරනවා, යාග හෝම කරනවා, පඬුරු ගැට ගහනවා, දෙස් දෙවොල් තියනවා, ඉතින් ඒක මේ කල්චර් , මේ සංස්කෘතිය. විපක්ෂයේ සංස්කෘතිය. ඒකට අපි ඉඩ දීලා තියෙනවා. " යනුවෙනි.

එම වීඩියෝව පහතින්..