දහසක් භාදක මැද ආබාධිත රණවිරුවා විවාහ කරගත් යහපත් හෙද නිළධාරිනියක් මෙන්න ! VIDEO | Colombocall දහසක් භාදක මැද ආබාධිත රණවිරුවා විවාහ කරගත් යහපත් හෙද නිළධාරිනියක් මෙන්න ! VIDEO - Colombocall

Hot News

දහසක් භාදක මැද ආබාධිත රණවිරුවා විවාහ කරගත් යහපත් හෙද නිළධාරිනියක් මෙන්න ! VIDEO




 සුජිත් ඒකනායක වන ඔහුට වයස අවුරුදු 29 යි.යුද්ධය පැවති සමයේ තම රට වෙනුවෙන් අභීතව සේවය කිරීමට ඔහු සොල්දාදුවෙක් වශයෙන් යුධ හමුදාවට එක් වෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස ඔහුව සදාකාලික එක්තැන් කිරීමට සමත් ප්‍රහාරයක් හදිසියේම කොටි ත්‍රස්තවාදීන් දියත් කරනවා.

එතැන් පටන් ඔහුගේ මුළු ජීවිතයම අඳුරු තත්වයකට ඇද වැටෙනවා. තමාගේ පෙම්වතියගේ නිවසින් කියා සිටින්නේ දැන් මෙම සම්බන්ඳය නවතා දමන ලෙසයි. රට වෙනුවෙන් නොභියව යුධ පිටියට ගොස් ආබාධිත තත්වයේ සිටින සුජිත්ව එලෙස පහසුවෙන් අමතක කිරීමට ඔහුගේ පෙම්වතිය විරුද්ධ වෙනවා.

ඇගේ නිවසින් ඇයට වෙනත් මංගල යෝජනා බොහොමයක් ඉදිරිපත් වුවත් ඇය දැඩි තීරණයක සිටිනවා සුජිත් හැර කිසිවකු සමඟ විවාහ නොවීමට. වසර කිහිපයක්  දෙදෙනා නිශ්ශබ්දව කාලය ගත කරනවා.

අවසානයේ ජාතික රෝහලේ හෙදියක් වන ලංකාට දෙමාපිය අවසරය ලැබෙනවා සුජිත් සමඟ විවාහ වීමට. මාසෙන් දෙකෙන් වෙන් වෙන ආදර කතා මෙන්ම ආදරය නිසා සිය දිවි නසාගැනීම් මෙන්ම තම ආදරය වෙනුවෙන් මුදල්, බලය, ලිංගිකත්වයට වහල් නොවී ලංකා නැමැති හෙදිය සමාජයට මහත් ආදර්ශයක් සපයනවා.

එමෙන්ම සුජිත් වෙත අප කිසිවෙක් අනුකම්පා කල යුතු වන්නේ නෑ.අපි සුජිත්ට  කළ යුත්තේ ගෞරව කිරීම හා ආදරය කිරීමයි.සුජිත් යනු ඔබ මම වෙනුවෙන් යුධ භූමියට ගිය අභීත විරුවෙකි. ඔවුන්ගේ අනාගත ජීවිතය යහපත් වේවා යන්න එක සිතින් ප්‍රකාශ කිරීමට මැළිවන්නේ කුහකයන් පමණි.