විවේකී වෙලාවට වික්ටර් එක්ක කරන දේවල් හෂිනිගේ කටින් ඉබේම එළියට පනී ! - video- | Colombocall විවේකී වෙලාවට වික්ටර් එක්ක කරන දේවල් හෂිනිගේ කටින් ඉබේම එළියට පනී ! - video- - Colombocall

Hot News

විවේකී වෙලාවට වික්ටර් එක්ක කරන දේවල් හෂිනිගේ කටින් ඉබේම එළියට පනී ! - video-







ප්‍රවීණ සංගීත ශිල්පී වික්ටර් රත්නායකයන් පසුගිය කාලයේ බොහෝ පුවත් මවන්නෙකු බවට පත් වූයේ ඔහුගේ දෙවැනි විවාහයත් සමගයි.
ඔහුගේ පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් විවිධ නිර්මාණ පවා බිහි වූ අතර මෑතක දී වික්ටර් රත්නායකයන්ගේ බිරිඳවන හෂිනි අමේන්ද්‍රා හට බන්ධනාගාරගත වීමට සිදුවීම හරහා මෙම යුවළ පිළිබඳ කතාබහ මැකී ගියේ නැහැ.
වික්ටර් යළි කරළියට පැමිණ ඇත්තේ ඔහු යළි ආරම්භ කිරීමට සූදානම්වන ප්‍රසංග මාලාවක් හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් අතරතුර, සිය නව ජීවිතය ගැන අදහස් පළ කිරීමටත් වික්ටර් අමතක කොට තිබුණේ නැහැ.
♦ “මගේ සඳ ඇවිත්” කියලා පසුගිය කාලයේ ගීතයක් කළා. ඇත්තෙන්ම මේ ගීතය කළේ කවුරු වෙනුවෙන්ද?
ඇත්තෙන්ම මේ ගීතය ලියැවුණේ එංගලන්තයේ දැනට පදිංචිව සිටින චන්දන විතාන කියලා මගේ හිතවතෙකුගෙන්. ඉතිං එතුමාට වුවමනාවුණා සහතිකෙන්ම කියනවා නම් අපි දෙදෙනාගේ හමුවීම සහ අපි දෙදෙනාගේ එකතුවීම සංකේතාත්මකව ප්‍රේම ගීතයක් වෙන්න ඕනෑ කියලා. ඒ හිතාගෙන තමයි මම හිතන්නේ මගේ සඳ ඇවිත් කියන ගීතය නිර්මාණය කළේ.
♦ පසුගිය කාලයේ ඔබ නිහඬව හිටියා. ඇයි ඒ?
කිසිම නිශ්ශබ්දතාවක් තිබුණේ නෑ.
♦ පෞද්ගලික ජීවිතයේ තීන්දු තීරණ එක්ක සමාජ මාධ්‍ය ඔබට හරියට පහර දෙන්න ගත්තා නේද?
මම පහරදෙන ඒවාට හරි කැමතියි. එහෙම පහර දෙන එකත් එක්තරා ප්‍රසිද්ධියට කරුණු කාරණා වෙනවානේ. මගේ පැත්තෙන් මං කිසිම හිතේ අමාරුවකටවත් මා ඒ පිළිබඳව පශ්චත්තාපයකට වත් දුක් වෙන්නේ වත් නෑ. අනික මම නිහඬ වුණෙත් නෑ. මගේ නිර්මාණශීලීත්වය එදත් අදත් එකම විදිහට තියෙනවා.
♦ තාරුණ්‍යය අතින් ඔබේ ජීවිතය අළලා ගීත පවා නිර්මාණය වුණා නේද?
අනුන්ගේ දේවල් දැඩි ලෙස විවේචනය කරමින් සමහර උත්සහ ගන්නේ ඔවුන් බැබළෙල්නනේ. ඒකත් ලොකු දෙයක් තමයි. වික්ටර් රත්නායක හරහා තව කෙනෙකුට ප්‍රසිද්ධියක් ලැබෙනවා නම් මම සතුටු වෙනවා.
♦ ඔබේ සංගීත ගමනට හෂිනිගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක් ද?
හෂිනි වැනි කෙනෙක් මගේ බිරිඳ වීම තමයි මට තියෙන විශාල පිටිවහල සහ අනුග්‍රහය. හෂිනි නිකම්ම නිකං ස්ත්‍රියක් හෝ කාන්තාවක් නොවෙයි. ඇය බටහිර සංගීතය පිළිබඳ හොඳ දැනුමක් ලබාපු සහතිකධාරිණියක්. ඒක නිසා මගේ නවතම නිර්මාණවලට ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
♦ එතකොට ගෙදර වැඩකටයුතු?
මම හිතන්නේ ගෙදර වැඩකටයුතු නම් ඊටත් වඩා හොඳින් කරලා දෙනවා. මොකද හැමතැනම කඩ කෑම අළෙවි වෙන කාලේ හෂිනි කවදාවත් කඩයකින් කෑම කන්න දෙන්නෙ නෑ. ඇය සියළු දේ ගෙදර හදනවා.
මෙම සම්මුඛ සාකච්ඡාවට වික්ටර්ගේ බිරිඳවන හෂිනි ද එක්වූයේ මේ අයුරින්…
♦ හෂිනි, ඔබ මොන වගේ සහයෝගයක් ද වික්ටර් රත්නායකට ලබා දෙන්නේ?
ඔහුගේ සංගීත වැඩකටයුතුවලට මම උපරිම සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ඔහුගේ නිර්මාණවලට අවශ්‍ය මානසික පරිසරය සකස් කරලා දෙන අතරේ අපි ඉතාමත්ම සතුටින් ජීවත් වෙනවා. විවේක වෙලාවට අපි දෙන්නා සංගීතය අහනවා, පොත් පත් කියවනවා.
♦ මෙහෙම පහර දෙනකොට බිරිඳක් විදිහට ඔබ කොහොමද ඔහුව ශක්තිමත් කළේ?
ඔහුව ශක්තිමත් කරන්න නම් ඔහු වැටෙන්න එපායැ. ඔහු වැටුණෙ නෑ. ඔහු නොසැලී හිටියා. ඔහුට ගාණක් වත් නෑ. ප්‍රධානම දේ තමයි අපි ඕවා බලන්නෙ නෑ. දන්නෙත් නෑ. අපේ හිතවතුන් කතා කරලා කියනවා අනේ මෙහෙමලු නේද කියලා. එතකොට තමයි අපි දැනුවත් වෙන්නේ. අපි දෙදෙනාගේ සම්බන්ධයේ තියෙන ශක්තිමත් බව නිසාම අපි දෙදෙනාම ඒ කිසි දෙයක් ගණන් ගන්නේ නෑ. අපි දෙන්නා අපේ පාඩුවේ වැඩ ටික කරගෙන ගමන යනවා.
♦ පසුගිය දිනවල හෂිනිටත් අන්තර්ජාලයේ හරියට මඩ ගැසීම් සිද්ධ වුණා නේද?
මම ශක්තිමත් වුණේ ළඟ ඉන්න කෙනා නිසයි. මම ඒ දේවල් කකුලේ නියපොත්තෙන් ඉහළට ගත්තෙ නෑ. එන කඳුළක් වත් මගේ ඇසින් වැටුණේ නෑ. මොකද වික්ටර්ගෙත් මගෙත් සම්බන්ධය ශක්තිමත්ව තියෙන තාක්කල් ඇත්තටම අපි දෙන්නාව කිසිම කෙනෙකුට මානසිකව වට්ටන්න බෑ.
උපුටාගැනීම - දිවයින




මේ අතර වික්ටර් රත්නායක ගායනා කරන නවතම ගීතය පහතින් නරඹන්න

උපුටාගැනීම - දිවයින