අහින්සක දරු පවුලක් මහපාරට ඇද දැමූ පාපතර ගම් වැසියෝ ! -video- | Colombocall අහින්සක දරු පවුලක් මහපාරට ඇද දැමූ පාපතර ගම් වැසියෝ ! -video- - Colombocall

Hot News

අහින්සක දරු පවුලක් මහපාරට ඇද දැමූ පාපතර ගම් වැසියෝ ! -video-








පුත්තලම දිස්ත්‍රිකයේ ආරච්චිකට්ටුව රාජකදඬුව ප්‍රදේශයෙන් ඉතා ශෝකජනක පුවතක් වාර්තා වෙනවා.

එනම් එම ප්‍රදේශයේ රජයේ ඉඩම් තුළ අනවසරයෙන් පදිංචි වූවා යැයි කියා නමින් නෙවිල් සුසන්ත නම් පියා ඇතුළු අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනා මහපාරට ඇද දැමීමේ සිද්දියක්.

වසර 17 කට වඩා කාලසීමවක් මෙම ප්‍රදේශයේ පදින්චිව සිටින නෙවිල්ට මෙම නිවසින් ඉවත් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරින්, පොලිසිය ඇතුළු පිරිස කටයුතු කර තිබෙනවා.

මෙසේ ක්‍රියාකිරීමට බලපා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පවුල් දෙකක් විසින් ඔවුන් රජයේ ඉඩම් තුළ අනවසරයෙන් සිටින බව පවසා පෙත්සමක් ඉදිරිපත් කිරීමයි. නීතිමය තත්වය කෙසේ වෙතත් අධ්‍යාපනය ලබන  දරුවන් අසරණ වී මහපාරට වැටීම සිත් පිත් ඇති මිනිසුන්ගේ ඇසට කඳුලක්  එක් කරන කරුණක් වෙනවා.

එම පියා තම ශෝකය ප්‍රකාශ කරමින් හඬාවැටෙන අයුරු එතැන සිටි අයෙක් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

 එම වීඩියෝව පහළින් නරඹන්න.