කෝප්‍රල් වසන්ත උළුගෙදරගේ බිරිඳ මාධ්‍ය ඉදිරියේ සංවේදී වෙයි - VIDEO | Colombocall කෝප්‍රල් වසන්ත උළුගෙදරගේ බිරිඳ මාධ්‍ය ඉදිරියේ සංවේදී වෙයි - VIDEO - Colombocall

Hot News

කෝප්‍රල් වසන්ත උළුගෙදරගේ බිරිඳ මාධ්‍ය ඉදිරියේ සංවේදී වෙයි - VIDEO






අයුතු චෝදනා නගමින් තම සැමියා අත්තදන්ගුවට ගෙන ඇති බව බුද්ධි අංශ සාමාජික කෝප්‍රල් වසන්ත උළුගෙදර මහතාගේ බිරිඳ චෝදනා කර සිටිනවා. පිවිතුරු හෙළ උරුමය විසින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඇය කියා සිටියේ 2009 වර්ෂයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් තම සැමියාට මෙලෙස චෝදනා එල්ල කරන බවයි.

එම අවස්තාවෙදී ඇය සංවේදී වෙමින් මෙලෙස අදහස් ප්‍රකාශ කළා.

" මහත්තයා CID එකට ගියාම මහත්තයව අරගෙන එනවා රෑ දෙකහමාරට තුනට විතර. මේ ගොල්ලෝ මාවත් තල්ලු කරගෙන ගෙට ඇවිල්ල ඉස්සරහින් මට ඉඳගන්න කිවුව. මම කිවුව මම ඇඳුමක් දාගෙන එන්නම් කියලා. යන්න දෙන්න බෑ කියලා මාව එතනම එහෙමම ඉන්ද ගත්ත පිරිමි ගොඩක් මැද්දේ.

කර්නල් කුමාර රත්නයි කර්නල් සිරිවර්ධනයි ඔයාට කතා කරා කියල පිළිගන්න කිවුවා. ඔයාගේ මහත්තය අහිංසකයි. ඔයාගේ මහත්තය මේකට කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි මිනිහට කියන්න අපි කියන දේ පිළිගන්න කියලා.

සාජන් උඩවත්ත කියන කෙනා පැයක් විතර ලියල ලියල මගේ මහත්තයව භාර ගත්ත කියල මට එකේ අත්සන් කරන්න කියලා කිවුවා. මන් කිවුව මට ඒක කියවන්න දෙන්න කියලා. කියවන්න බැහැ අපිට වෙලා නැහැ අත්සන් කරලා දෙනවා ඕක කියලා බලෙන් අත්සන් කරලා ගියා. "

සාජන් උඩවත්ත නැමැත්තා තමාගේ ස්වාමියාව මරා දමන බවට තර්ජනය කර ඇති බවයි ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියේ. තවද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා තවමත් ජිවතුන් අතරද නැද්ද යන්න විදිමත් සාධාරණ පරීක්ෂණයකින් සොයා බලන ලෙස ඉල්ලා සිටියා.

එම සංවේදී වීඩියෝව පහතින්..