නැඳුන්ගමුවේ රාජා ගැන ඔබ නොදත් ඇතුළත කතාව මෙන්න ! -VIDEO- | Colombocall නැඳුන්ගමුවේ රාජා ගැන ඔබ නොදත් ඇතුළත කතාව මෙන්න ! -VIDEO- - Colombocall

Hot News

නැඳුන්ගමුවේ රාජා ගැන ඔබ නොදත් ඇතුළත කතාව මෙන්න ! -VIDEO-




අපගේ සෞඛ්‍ය ගැන අප හොඳ විපරමින් සිටින්නේ නම් එය නිරෝගිකමට හේතුවක් වන්නේය. එහි කිසිදු විවාදයක් නොමැත. එහෙත් අද අප බොහෝ රෝගයන්ට ගොදුරු වන්නේ අපගේ සෞඛ්‍ය ගැන අප සොයා නොබලන බැවිනි. එහෙත් දිනපතා සෞඛ්‍ය ගැන සොයා බලන වෛද්‍යචාර්යවරයකු සමග අපට කතා කිරීමට අවස්ථාවක් ලැබුණේය. ඒ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාය. ඔහු දිනපතා සොයා බලන්නේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නොව ඔහුගේ සෙවණේ හැදෙන වැඩෙන ඇත් රාජයා ගැනය. ඒ නැදුම්ගමුවේ හස්ති රාජයාය.


නුවර දළඳා පෙරහරේ ධාතු කරඬුව වසර 2006 සිට වසර 2016 දක්වාම වැඩම කරවූයේ නැදුම්ගමේ හස්ති රාජයාය. එහෙත් පසුගිය වසරේදී නැදුම්ගමුව හස්තිරාජයාට පෙරහැරේ ගමන් කිරීමට තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නොතිබුණු බැවින් පසුගිය වසරේදී දළදා කරඬුව වැඩම කරවන ලද්දේ මාලිගාවේ හස්ති රාජයා වන ඉන්දිරාජාය.

නුවර පෙරහරේ ධාතු කරඬුව වැඩම කරවන්නේ කුමන හස්තිරාජයාද යන වග තීරණය කරනු ලබන්නේ දළදා මාලිගාවේ බස්නායක නිලමේවරයාය.
කෙසේ නමුත් නැදුම්ගමුවේ හස්ති රාජයාගේ සෞඛ්‍ය තත්ත්වය දිනපතා පරීක්ෂා කරනු ලබන්නේ හර්ෂ ධර්මවිජය මහතාය. දිනපතා උදෑසන ඇතා බැඳ තිබෙන ස්ථානය වෙත යන ඔහු ඇතා ආහාරයට ගෙන තිබෙන්නේද? මලපහවල පැහැය, ඒවායේ පණුවන් සිටින්නේද? වතුර බි තිබෙනවාද?, මලානිකව සිටින්නේද? ප්‍රාණවත්ව සිටින්නේද?, යන්න පිළිබඳව මෙහිදී නිරීක්ෂණය කරනු ලැබේ.

යම් හෙයකින් හස්තිරාජයේ වෙනසක් දකින්නේ නම් ඒ පිළිබඳව දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ප්‍රතිකාර ලබා දෙන්නේය. එසේ ප්‍රතිකාර ලබාදිය නොහැකි රෝගී තත්ත්වයක් නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ ද උපදෙස් හා උපකාරය ලබා ගනිමින් හස්තිරාජයාට ප්‍රතිකාර ලබා දෙන්නේය. මෙහිදී ප්‍රතිකාර ලබා දීමේදී මූත්‍රා හා රුධිර පරීක්ෂාවන් පවා සිදුකර අවශ්‍ය රෝගී තත්ත්වයන් හඳුනා ගන්නා ලදි.

හර්ෂ මහතා දිනපතා හස්තිරාජයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන අතර මාස්පතා මහාචාර්ය දංගොල්ල මහතා හස්තිරාජයාව පරීක්ෂා කර වෛද්‍ය වාර්තාවක් සකස් කරනු ලබන්නේය. මෙම වෛද්‍ය වාර්තාව සකස් කිරීමට පෙර මහාචාර්යවරයා හස්තියාගේ පාදවල ස්වභාවය, ශේ‍රා්ණියේ හැඩය, පපුවේ ඉළඇට වල ස්භාවය, හිස්කබ‍ලේ අස්ථි එළියට පෙනෙන අයුරු, පිට කොන්ද පැහැදිලිව පෙනෙනවාද නැද්ද යන්න සාධකයන් පාදක කර ගනිමින් ඇතාගේ නිරෝගි බව තීරණය කරනු ලබන්නේය.

සාමාන්‍යයෙන් ඇතෙකු දිනකට සැතපුම් 20ක් පමණ ගමන් කළ යුතුය. එහෙත් පෙරහරක ගමන් කරන ඇතෙකු ගමන් කරන්නේ කිලෝමීටර හයකට වඩා අඩු දුරකි. මෙය ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට අයහපතක් ගෙන දෙන්නකි. ඇතෙකු නියමිත දුරක් දිනකට ගමන් නොකරන්නේ නම් බඩවැල්වල ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු නොවන බව මහාචාර්ය දංගොල්ල පවසන්නේය.

නැදුම්ගමුවේ හස්ති රාජයා නැදුම්ගමුව වළව්වේ සිට නුවර දළදා මාලිගාව වෙත ගෙන යන්නේ පාගමනින්ය. ඇතෙකු පාගමනින් ගමන් කිරීම සෞඛ්‍යයට යහපත් වන බව මහාචාර්යවරයා පෙන්වා දේ.

පෙරහරට සම්බන්ධ වන සියලුම අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන්ම පරීක්ෂා කරන අතර පෙරහර පවත්වන දිනයන්වල පශු වෛද්‍යවරුන් පෙරහැරේ ස්ථාන ගත කරන්නේය. ඔහුන් එසේ ස්ථාන ගත කරන්නුයේ යම් හේතුවෙකින් අලියකු කලබල වුවහොත් ඔහුට බෙහෙත් විද මෙල්ල කිරීම සඳහා අවශ්‍ය බෙහෙත් සහ එන්තත් කරන උපකරණ සහිතවය. මෙම එන්තත් කරන බෙහෙත් මාස පහකට පමණ පෙර පිටරටින් විශේෂ බලපත්‍රයකට අනුව ගෙන්වනු ලබන්නේය.


   උපුටාගැනීම - ශ්‍රියානි විජේසිංහ(රිවිර)