මැච් එක බලන්න ආපු අබාධිත රණවිරුවාට ඉසුරු උදාන කරපු දේ මෙන්න - VIDEO | Colombocall මැච් එක බලන්න ආපු අබාධිත රණවිරුවාට ඉසුරු උදාන කරපු දේ මෙන්න - VIDEO - Colombocall

Hot News

මැච් එක බලන්න ආපු අබාධිත රණවිරුවාට ඉසුරු උදාන කරපු දේ මෙන්න - VIDEO





ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග කොළඹ. ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ ඊයේ (14) දින පැවැති 20යි විස්ස ක්‍රිකට් තරඟය නැරබීමට හමුදාවේ අබාධිත රණවිරුවෝ පිරිසක් පිටියට පැමිණියා. තරඟය නිමවීමෙන් පසුව පිටියේ කොනකට වී ජයග්‍රහණයේ සතුට සමරමින් සිටි ඔවුන් නොසිතූ ලෙස මැතිව්ස් සහ ඉසුරු උදාන පැමිණියා. ඒ ශ්‍රි ලංකා ක්‍රිකට් ටී ෂර්ට් ද අතැතිව. පසුව ඔවුන් දෙදෙනා අතේ තිබුණ ටී ෂර්ට් අබාධිත රණවිරුන්ට ලබා දුන්නා.

හිටපු හැමෝටම වගේ තෑගී දීලා ඔවුන් යන්න උත්සහ කරත් ඒ වෙලාවේ එක් අබාධිත සෙබලෙක් ඔවුන්ගෙන් ටී ෂර්ට් එකක් ඉල්ලා සිටියා. ඔහුට ලබා දෙන්න ටී ෂර්ට් අතේ නොමැතිවීම නිසා ඉසුරු උදාන ඔහු ඇඳගෙන හිටපු ටී ෂර්ට් එක ගලවලා ඒ අබාධිත සෙබලාට ලබා දුන්නා. ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඇති මනුස්සකම. එතනට රැස්වුණු ක්‍රිකට් ලෝලියන්ට මෙය ඉතා සංවේදී දසුනක් වුවා.

එම වීඩියෝව පහතින්...