ක්‍රිකට් රසිකයන් සංවේදී කල දසුන - VIDEO | Colombocall ක්‍රිකට් රසිකයන් සංවේදී කල දසුන - VIDEO - Colombocall

Hot News

ක්‍රිකට් රසිකයන් සංවේදී කල දසුන - VIDEO




ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් විතරක් නොව සැමගේ සිත් පහන් කරන දෙයක් බව පසක් කරමින් මේ දිනවල අන්තර්ජාලයේ සංවේදී වීඩියෝවක් හුවමාරු වෙමින් පවතිනවා.

රටේ සාමය ස්ථාපිත කර අප සැමට නිදහස ගෙනා රණවිරුවන් ඔවුන්ගේ ජීවිතය කැප කරමින් රට රැක දුන් බව නොරහසකි. ඒ ලෙස තම අත් පා කැපකළ යුද වීරයන් පිරිසක් පසුගියදා ආර්. ප්‍රේමදාස පිටියට පැමිණියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පස්වෙනි එක්දින තරගය නැරඹීම සඳහායි. එම තරඟය නරඹන අතරතුර ඔවුන් සතුටුවන විනෝද වෙමින් කාලය ගත වූ අයුරු කැමරා කාචයට හසු කරගැනීමට හැකි වී තිබෙනවා. එම ආබාධිත රණවිරුවන් තරගය නරඹමින් විනෝද වූ අයුරු පැමිණ සිටි සැමට සංවේදි දසුනක් වූවා.

එම වීඩියෝව පහතින්...