වැලිකඩ රැඳවියන් වහලයට නැග විරෝධතාවයක - VIDEO | Colombocall වැලිකඩ රැඳවියන් වහලයට නැග විරෝධතාවයක - VIDEO - Colombocall

Hot News

වැලිකඩ රැඳවියන් වහලයට නැග විරෝධතාවයක - VIDEO




රැඳවියන්ට පිටතින් රැගෙන එන ආහාර සීමා කිරීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත එහි කාන්තා රැඳවියන් 10 දෙනෙකු නැග විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ පසුගිය 11 වැනිදා නොසන්සුන්තාවක් ද හටගත්තා. බන්ධනාගාර සේවකයින් පැවසුවේ ආහාර පිටතින් ලබා ගැනීමට අවසර හිමි ඇතැම් කාන්තා රැඳවියන් පිටතින් අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා වැඩි ආහාර ප‍්‍රමාණයක් ලබා ගන්නා නිසා මෙලෙස සීමා පැනවූ බවයි. ඒ හරහා තහනම් ද්‍රව්‍ය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන්ට ලැබිය හැකි බව ඔවුන් වැඩි දුරටත් කියා සිටියා. මේ සඳහා විරෝධය පළ කරමින් කාන්තා රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරුණු අතර තත්වය පාලනය කිරීම සඳහා වැලිකඩ පිරිමි බන්ධනාගාරයේ නිලධාරීන්ගේද සහය ලබා දී තිබුණා.

අද (13) පෙරවරුවේ මෙම විරෝධතාවය ආරම්භ කළ කාන්තා රැඳවියන් සියලු දෙනාම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අය බවත් ඔවුන්ගේ තවත් ඉල්ලීමක් වන්නේ අදාළ නඩු කටයුතු කඩිනම් කරන ලෙස බවත් බන්ධනාගාර ආරංචි මාර්ග මාධ්‍ය වෙත සඳහන් කර සිටියා.