මහින්ද රාජපක්ෂ තම සමීපතමයාට බැණ වැදීම වෙනම ගේමක් ! තමන් ද පළිගන්නා බව මහින්දම කියයි. - VIDEO S- | Colombocall මහින්ද රාජපක්ෂ තම සමීපතමයාට බැණ වැදීම වෙනම ගේමක් ! තමන් ද පළිගන්නා බව මහින්දම කියයි. - VIDEO S- - Colombocall

Hot News

මහින්ද රාජපක්ෂ තම සමීපතමයාට බැණ වැදීම වෙනම ගේමක් ! තමන් ද පළිගන්නා බව මහින්දම කියයි. - VIDEO S-









මහින්ද රාජපක්ෂ තම සමීපතමයකු වන උදිත් ලොකු බංඩාරට තරමක් නොගැලපෙන ලෙස බැණ වදින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට පත් වෙමින් හුවමාරු වෙනවා.

මහින්ද රාජපක්ෂ මත බලෙන් පැටවූ ශේෂ්ඨත්වයක් ඔහුටම පාළනය කර ගැනීමට අපහසු අවස්ථා බොහොමයක් පසු ගිය කාලයේ දැඩි කතාබහට ලක් වුණා.මෙයද එවන් අවස්ථාවක් බව බොහෝ දෙනකු පවසනවා.
සුදු රෙද්දකින් වසා සිටින යක්ෂයා සමාජයට නිරාවරණය වීමක් ලෙසත් බොහෝ දෙනා පවසනවා.

තමන් ලඟ සේවය කරමින් සිටින පුද්ගලයකුට මෙසේ බැණ වැදීම තුළ මහින්ද රාජපක්ෂ පොරවා ගෙන සිටින සිංහ හම ගැළවී සැබෑ ස්වරූපය ඉස්මතු කිරීමක් .

 මෙම පළමු වීඩියෝව ඉතා සූක්ෂමව නැරඹූ විට පෙනී යන්නේ මහින්ද බැණ වැදීමෙන් පසුව ඔහුටම එය වැරදි ක්‍රියාවක් බව මතක් වෙන ආකාරයයි.ඒ සැණින් ඔහු තම ප්‍රථිරූපය නැවත පෙර පරිදි සකස් කරගන්නා ආයුරු සැබවින්ම විශිෂ්ඨ රංගනයක් වෙනවා.

උදිත් ද එක් වරම මහින්දගේ සැර වචන හමුවේ තිගැස්සී ගොස් නැවත යථා තත්වයට පත් වෙන්නේ මහින්දගේ රංගනය තාත්වික කිරීමට අත් උදව් දෙන අයකු වශයෙන්.

තම සමීපතමයාට මෙසේ රාජපක්ෂ බැණ වදින විට ඒ අසළ සිටි සියල්ලෝම උදිත් ලොකු බංඩාරව පසුපසට තල්ලු කරමින් තවත් අසරණ කරන අයුරු වීඩියෝවේ මනාව පෙන්නුම් කර තිබෙනවා.තම සඟයකුට  කරදරයක් වූ අවස්ථාවක එසේ කිරීම මිනිසත්කම ගිළිහී වහළුන් බිහි වූ සමාජයක සැබෑ ස්වරූපය ගම්‍ය කිරීමක්.

තවද  දෙවන වීඩියෝවේ කියවෙන්නේ යම් දිනක තමන් බලයට පැමිණි විට තමන්ට එරෙහි සියල්ලන්ගෙන්ම අනිවාර්යයයෙන් පළි ගන්නා බවයි. මෙහි දෙවන වීඩියෝව බුද්ධිමත්ව ඇසූ විට මහින්ද රාජපක්ෂ මෙසේ ප්‍රකාශ කරන්නේ කවුරුන් අරභයා ද යන්න මනාව තේරුම් ගත හැකි වෙනවා.

කෙසේ වෙතත් මහින්ද යනු ඇතැමෙකුට දෙවි කෙනෙකු වැනි පුද්ගලයකු ද වන නිසා මහින්ද තම ක්‍රියා පටිපාටිය සහ වචන භාවිතය පිළිබඳ මීට වඩා සැලකිල්ලෙන් ක්‍රියා කල යුතු වෙනවා.

තවද මෙසේ තම සඟයකුට බැණ වැදීම තුළින් එෆ්.සී.අයි.ඩී වෙත මහින්ද ලබා දුන් ප්‍රකාශ සමාජ ගත වීම වැලැක්වීමට, සිතාමතා සිදු කළ ක්‍රියාවක් ද යන්න පිළිබඳවත් සැක මතු වෙනවා.

එම වීඩියෝ දෙකම පහතින් නරඹන්න.


පළමු වීඩියෝව බැණ වැදීම-







 









දෙවන වීඩියෝව පළිගන්නා බව පැවසීම-