ප්‍රාදේශීය සභාව තුළදී සියදිවි නසා ගත් සේවකයා ! (photos) | Colombocall ප්‍රාදේශීය සභාව තුළදී සියදිවි නසා ගත් සේවකයා ! (photos) - Colombocall

Hot News

ප්‍රාදේශීය සභාව තුළදී සියදිවි නසා ගත් සේවකයා ! (photos)





හලාවත ප්‍රාදේශීය සභාවේ  මාදම්පේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි නිලධාරියෙකු එම කාර්යාල භූමියේ ගබඩා කාමරයක ගෙළ වැළලා ගෙන මිය ගොස් තිබෙනවා.

ඊයේ (07) සවස කාර්යාලයේ සේවකයින් විසින් මිය ගොස් සිටි අයගේ මළ සිරුර සොයා ගත්තා.
මිය ගොස් ඇත්තේ හලාවත ප්‍රාදේශීය සභාවේ ගබඩා බාරකරු ලෙස සේවය කරමින් සිටි මුණසිංහ මුදියන්සේලාගේ සංජය නාලක මුණසිංහ (අවු:37) නම්වූ අයෙක්. වෙන්නප්පුව - බෝතලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු එක් දරු පියෙක්.

ඊයේ දහවල් දිවා ආහාරයෙන් පසුව මියගොස් ඇති අය දකින්නට නොසිටීම නිසා සෙසු නිලධාරීන් ඔහු සම්බන්ධයෙන් සොයා බලා තිබෙනවා. ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා දීමේදී ගබඩා කාමරය තුළ එය නාද වූ බවයි සෙසු නිලධාරීන් වැඩි දුරටත් පවසා ඇත්තේ.

පසුව ප්‍රාදේශීය සභා සේවකයින් විසින් ගබඩා කාමරයේ දොර කඩා පරීක්ෂා කර තිබෙනවා. එහිදී අබලි ද්‍රව්‍ය ගබඩා කර ඇති කාමරයේ ඔහු ගෙළ වැළලාගෙන සිටිනු දැක තිබෙනවා. අදාළ කාමරයේ දොර ඇතුළතින් වසා තිබූ බවයි වාර්තා වෙන්නේ.