මොණරාගල දැරිය දූෂණය කළ නරුමයන් වෙනුවෙන් ඉදිරිපත් වෙන නීතීඥවරුන්ට ජනතා විරෝධය ( PHOTOS) | Colombocall මොණරාගල දැරිය දූෂණය කළ නරුමයන් වෙනුවෙන් ඉදිරිපත් වෙන නීතීඥවරුන්ට ජනතා විරෝධය ( PHOTOS) - Colombocall

Hot News

මොණරාගල දැරිය දූෂණය කළ නරුමයන් වෙනුවෙන් ඉදිරිපත් වෙන නීතීඥවරුන්ට ජනතා විරෝධය ( PHOTOS)






මොණරාගල ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ දැරියක් අපයෝජනය කර එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම යන චෝදනාව යටතේ පසුගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ගුරුවරුන් දෙදෙනා අද (07) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අධිකරණය අසල නිහඩ විරෝධතාවක නිරත වුණා.

විරෝධතාකරුවන් විසින් මෙම සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා මෙම විරෝධතාව සිදු කල අතර එම විරෝධතාවට පනහකට ආසන්න පිරිසක් සහභාගි වී සිටියා.

ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනය නියෝජනය කරමින් කාන්තා මන්ත්‍රීවරියන් කිහිප දෙනෙක්ද මෙම විරෝධතාව සඳහා සහභාගී වී තිබුණා.