අනුරාධපුරයේ දරුවන් පැහැරගැනීමට ආ අමුත්තා - PHOTOS
අනුරාධපුර සුචරිතගම ප්රදේශයේදී විශාල උකුස්සෙකු කුඩා දරුවන් සිව් දෙනෙක් පැහැරගෙන යෑමට තැත් කිරීමේ සිද්ධියක් වාර්ථාවනවා.
මෙම සිද්ධියට මුහුණ දුන් හත් හැවිරිදි දැරියක් තුවාල ලබා රෝහල් ගත කර ප්රතිකාර ගෙන ඇති අතර, මෙම උකුස්සා අඩි දෙකහමාරක් පමණ වනවා. ඌගේ තටු විහිදූ විට අඩි පහක් පමණ දිගකින් යුක්ත වන බවයි ප්රදේශවාසින් කියා සිටියේ.
මෙම උකුස්සා එක් අවස්ථාවකදී අවුරුද්දක් පමණ වයසැති දරුවෙක් නිවස අසළ සිටියදී පැහැර ගැනීමට පැමිණ ඇති අතර, නමුත් එම උත්සහය අසාර්ථක වූ විට මිඳුලේ වැටී තිබූ බෝනික්කෙකු රැගෙන විශාල ගසක් මුදුණට පියාඹා තිබෙනවා. ගම්වාසි තරුණයන් පිරිසක් උකුස්සා ගැවසුනු ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කර අමු මස් කැබළි කිහිපයක් දමා උගුලක් අටවා උකුස්සාව ඊට කොටුකර අනුරාධපුර වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.
මෙම උකුස්සා සිළු බඹර උකුස්සා ලෙස හඳුන්වන බව වනජීවි නිලධාරීන් පවසා සිටියා.