ලන්ඩන් පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් ! -Photos- | Colombocall ලන්ඩන් පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් ! -Photos- - Colombocall

Hot News

ලන්ඩන් පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් ! -Photos-




ලන්ඩන් පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම ගොඩනැගිල්ල  මධ්‍යම ලන්ඩනයේ පිහිටා ඇති අතර  එය  ඉදිරිපිට ඇති ආරක්ෂක මුර කුටි වෙත මෝටර් රථයකින් මෙම ප්‍රහාරය සිදුකර තිබෙන බව වාර්තාවෙනවා.

මෙහිදී එක් පදිකයෙකු තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විට ප්‍රදේශයේ ඇති උමං මාර්ග සියල්ල වසා දමා ඇති අතර දුම් රියන් පරීක්ෂා කිරීමක් ද සිදුවී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් කිසිඳු පුද්ගලයකුට ජීවිත හානියක් සිදු වී නොමැති බව වාර්තා වෙනවා.